• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතුර තියෙන්නේ තව දවස් 20යි ! ඉස්සරහට කොළඹ අයට බොන්න වෙන්නේ මුහුදු වතුර ! Sri Lanka Latest News

April 5, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වතුර තියෙන්නේ තව දවස් 20යි ! ඉස්සරහට කොළඹ අයට බොන්න වෙන්නේ මුහුදු වතුර ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එනම් තව දින විස්සකින් ජල පෝෂක ප්‍රදේශවලට වැස්සේ නැතිනම් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සියල්ල විශාලා මහනුවරක් වනු ඇත. මෙය සෙල්ලමක් නොවේ. එනම් ජලය නැතිව මිනිසුන් තැන තැන මියයනු ඇත.

මේ තත්ත්වය උදාවුණේ ඇයි?
පසුගිය දශකය දෙස බැලුවහොත් කොළඹ නගරයේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවිය. අහස උසට අපාර්ට්මන්ට් සංකීර්ණ, දැවැන්ත කාර්යාල පද්ධති සහ ව්‍යාපාරික ස්ථාන ඉදිවිය. නමුත් ඒ ඉල්ලුමට සාපේක්ෂව ජල සැපයුම වැඩිකරන කිසිදු සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූයේ නැත. මීට වසර 10කට පෙර දින 40කට සෑහුණු ජල සංචිතය අද දින 20කට වැටී ඇත්තේ මේ සැලසුම්සහගත නොවන නාගරීකරණය නිසාය.

රජයේ ප්‍රමුඛතාව කොහේද?
වත්මන් රජයේ එකම අරමුණ වී ඇත්තේ පක්ෂ අරමුදල, විදේශ සංචිත සහ භාණ්ඩාගාරය පිරවීම පමණි. ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් අනාගතය දෙස බලා කරන කිසිදු නව මහා පරිමාණ ව්‍යාපෘතියක් ඔවුන් ගෙන ආවේ නැත. වැස්ස ලැබෙන තුරු උඩ බලාගෙන සිටීම පාලන තන්ත්‍රයේ උපායමාර්ගය වී ඇත. මේ ප්‍රශ්නයට පසුගිය රජයන්ද වගකිව යුතු වුවත් ඒවා නිවැරදි කිරීමට යයි කියා බලයට පැමිණි මොවුන් ඊට අන්තය.

විසඳුම කුමක්ද? මුහුදු ජලය පානයට ගැනීම (Desalination)
අපේ රට වටේම මුහුද ඇත. මැදපෙරදිග රටවල් සහ සිංගප්පූරුව වැනි රටවල් අද ජල සුරක්ෂිතතාව තහවුරු කරගෙන ඇත්තේ මුහුදු ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණයෙනි.
බලාගාරවලින් වැඩක් ගමු

කැලණිතිස්ස සහ සපුගස්කන්ද වැනි තාප විදුලි බලාගාරවලින් පරිසරයට මුදාහරින අපතේ යන තාපය භාවිත කර අඩු පිරිවැයකින් මුහුදු ජලය පිරිපහදු කළ හැකිය.
ගංගා මත යැපීම අවම කිරීම

නියඟ කාලයට කැලණි ගඟේ ජලයට ලුණු මිශ්‍ර වනවිට, අපට තිබෙන එකම විකල්පය වන්නේ මුහුදු ජලය පිරිපහදු කිරීමය. කොළඹ නගරය තවදුරටත් ගංගා ජලය මතම යැපීම අනතුරුදායකය.

අඛණ්ඩ සැපයුම
වැස්ස නැතත්, කෙතරම් කාලයක් නියඟය තිබුණත් මුහුද කවදාවත් හිස් වන්නේ නැත. මෙය බස්නාහිර පළාතේ අධික ජනගහනයේ ජල සුරක්ෂිතතාව වෙනුවෙන් ගත හැකි හොඳම රක්ෂණයකි.

කොළඹ ජනගහනයෙන් අඩකට මුහුදු වතුර පිරිපහදු කර දීමට ඩොලර් මිලියන 130ක පමණ මූලික ආයෝජනයක් අවශ්‍ය වේ. මේ වනවිට අප සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7000කි. දින 20කින් ජලය අවසන් වීමේ අවදානමක් පවතින නගරයකට මෙය වියදමකට වඩා අනාගතය වෙනුවෙන් කරන අත්‍යාවශ්‍ය රක්ෂණයකි.

වගකිව යුතු රජයක් කළ යුත්තේ ‘සල්ලි නැහැ’ කියමින් සිටීම නොව, ජනතාවගේ අනාගත අවශ්‍යතාවන් හඳුනාගෙන අවශ්‍ය ව්‍යාපෘති සැලසුම් කිරීමය. සල්ලි නැත්නම් කළ යුත්තේ PPP වැනි ක්‍රමවේද හරහා පුද්ගලික අංශය සහභාගී කර ගනිමින් ආයෝජකයින් දිරිමත් කර ජනතාවගේ මූලික ජල අවශ්‍යතාව තහවුරු කිරීමය.

මෙම ව්‍යාපෘතිය අද පටන් ගත්තොත් තව වසර තුනකින් පමණ නිම කළ හැකිවනු ඇත. නමුත් අද මෙවන් ව්‍යාපෘතියක් පටන් ගත්තේ නැත්නම්, තව වසර තුනකින් පසු එන නියඟයකට සහ දිනපතා ඇතිවන ඉල්ලුමට මුහුණදීගත නොහැකිව විශාල විනාශයක් වීමට ඉඩ ඇත.

ප්‍රසංග අල්විස්

SendShareShare
Previous Post

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Next Post

තර්ජනය කිරීමක් ගැන වෛද්‍යවරුන්ගෙන් පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.