රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 කට අධික මුදලක් වැය කොට කොළඹ, කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කරනු ලැබූ නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (25) නියෝග කළේය.Sri Lanka Latest News
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් විනිසුරුවරයා නිවේදනය කළේ එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ මස 30 වන දා දක්වා කල් තබන බවයි.
ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 කට අධික මුදලක් වැය කොට කොළඹ, කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.