• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UN නොගිය ලංකාවේ ජනාධිපතිවරු දෙන්නා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

September 27, 2025
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
UN නොගිය ලංකාවේ ජනාධිපතිවරු දෙන්නා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

76 වසරක ශාපයේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවලයි රනිල් වික්‍රමසිංහගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහයි නැතිනම් අනුර කුමාරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය අමතන්න වෙන්නේ නැත. ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය නොහොත් යූ.එන්. එකට එකතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම දියත් කළේ හිටපු අගමැති සර් ජෝන්ය. යූ.එන්. එකේ සාමාජිකත්වය ලබාගන්නා පළමු අයැදුම්පත ඉදිරිපත් කළේ හිටපු අගමැති ඩී.ඇස්. සේනානායකය. ඒ, ඔහු ලංකාවට නිදහස දිනාගෙන මාස තුනකට පසුවය. එහෙත් සෝවියට් දේශය නිෂේධ බලය පාවිච්චි කොට එම අයැදුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලවා ප්‍රතික්ෂේප කරනු ලැබීය. සෝවියට් දේශය ගෙන ආ තර්කය වූයේ බි්‍රතාන්‍යයේ හමුදා කඳවුරු තවමත් ත්‍රිකුණාමලයේ තියෙන නිසා ලංකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත නොහැකි බවය. 1948 සිට 1955 දක්වා මේ තර්කය නිසා ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගැනීම ඇදි ඇදී තිබිණි. සර් ජෝන් අගමැති වූ විට සර් ජෝන්ට යූ.එන්. සාමාජිකත්වය ලබාගැනීමට ලොකු වුවමනාවක් තිබිණි. මේ සඳහා ඔහු තෝරාගත්තේ එවක ඔහුගේත් යූ.ඇන්.පී.යේත් සමීප උපදේශකයකු වූ රනිල් වික්‍රමසිංහගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහවය. ඔහු එස්මන්ඩ්ව විශේෂ දූතයකු ලෙස පත් කළේය. සර් ජෝන් ඔහුට යූ.එන්. සාමාජිකත්වය ලබාගැනීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම භාර දුන්නේය.Sri Lanka Latest News

එස්මන්ඩ් නිව්යෝර්ක් ගොස් සිය මෙහෙයුම දියත් කළේය. ඇමෙරිකාව සෝවියට් දේශයට පක්ෂපාතී රටවල් යූ.එන්. සාමාජිකත්වය ඉල්ලන විට නිෂේධ බලය පාවිච්චි කොට ඒ රටවල අයැදුම්පත් ප්‍රතික්ෂේප කරද්දී සෝවියට් දේශය ඇමෙරිකාවට පක්ෂපාතී රටවල් එවන අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීම තරගයක් බවට පත්ව ඇති බව අධ්‍යයනය කළ එස්මන්ඩ් ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරන රටවල් සහ සෝවියට් දේශය ප්‍රතික්ෂේප කරන රටවල් වෙන වෙනම හමුවී සියලු රටවල් එක්කොට හවුලක් හදාගත්තේය. මේ සඳහා ඔහුට උදව් කළේ යූ.එන්.හි පළමු ලාංකික නිත්‍ය නියෝජිත වූ ආර්.එස්.එස්. ගුණවර්ධනය. මේ රටවල් සියල්ල එක්වී තමන්ට සාමාජිකත්වය දෙන ලෙස ඇමෙරිකාවටත් සෝවියට් දේශයටත් බලපෑම් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සියලු රටවලටත්, ලංකාවටත් යූ.එන්. සාමාජිකත්වය ලැබිණි. ලංකාවට යූ.එන්. සාමාජිකත්වය ලැබුණේ ඉල්ලුම් කොට වසර 6කට පසුවය. සර් ජෝන්ට එය විශාල ජයග්‍රහණයක් විය. සාමාජිකත්වය ලැබුණේ 1955 දෙසැම්බර්ය. ඒ වනවිට 1955 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය අවසන් වී තිබිණි. සර් ජෝන් ලංකාව යූ.එන්. සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු පළමු යූ.ඇන්. මහා සම්මේලනය අමතන්න දතකට මැදගෙන බලා සිටියේය. ඒත් ඔහුට ඒ අනගි අවස්ථාව හිමි නොවීය. 1956 මහ මැතිවරණයෙන් ඔහු අන්ත පරාජයකට පත්විය. ලංකාවේ පළමු රාජ්‍ය නායක ලෙස යූ.එන්. මහා සම්මේලනය අමතන්න වාසනාව ලැබුණේ කොතලාවලගේ පරම හතුරා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකටය. ඔහු තමන්ට හිමිවූ ඓතිහාසික අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.

ඒ වගේම බණ්ඩාරනායක ඝාතනයට ලක්වන්නේත්, ඔහු 1959 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය අමතන්න යෑමට සූදානම්ව සිටියදීය. ඔහු ඝාතනය වන්නේ යූ.එන්. යෑමට පෙර පැවැති අවසන් ඇමැති මණ්ඩල රැස්වීමෙන් පසුවය.

නමුත් 1956 සිට ලංකාවේ රාජ්‍ය නායකයන් යූ.එන්. මහා සම්මේලනය අමතන්න අවස්ථාව ලැබීම සැලකුවේ මහා භාග්‍යයක් ලෙසය. ඔවුන් අන් කවර හෝ විදේශ සමුළු මගහැරියත් යූ.එන්. සම්මේලනය මගහැරියේ නැත. 2003 දී යූ.එන්. යන්න එවක ජනාධිපති චන්ද්‍රිකා සහ අගමැති රනිල් අතර තරගයක් තිබිණි. රාජ්‍ය නායිකාව ලෙස තමා යූ.එන්. යායුතු බවට චන්ද්‍රිකා තර්ක කළ අතර, ආණ්ඩුවේ නායකයා ලෙස තමා සහභාගි වියයුතු බව රනිල් කීවේය. 2003 සමුළුවට රනිල් ගියේය. 2004 සමුළුවට චන්ද්‍රිකා ගියාය.

ඒත් ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. කවදාවත් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය අමතන්න ගොස් නැත. ඔහු වසර 10ක් රට පාලනය කළේය. එහෙත් කිසිම වසරක යූ.එන්. මහා සම්මේලනයට ගියේ නැත. වරක් ඔහු එවක හිටපු ජනාධිපති රේගන්ගේ නිල ආරාධනයක් මත ධවල මන්දිරයට ගියේය. ධවල මන්දිරයේ ඔහුට ඉහළම පිළිගැනීමක් ලැබිණි. 1983 එම සංචාරයේදී ඔහු නිව්යෝර්ක් ගොස් ප්‍රකට ඇස්ටෝරියා හෝටලයේ නවාතැන් ගත්තේය. නමුත් ඔහු යූ.එන්. මහලේකම් කාර්යාලයටවත් ගියේ නැත. ඔහු යූ.එන්. යන්න අකැමැත්ත දැක්වූයේ ඇයිද යන්න කවුරුවත් අසා නැත. ඔහු උත්තර දීලාත් නැත. සමහර විට එය ඵලකට නැති දෙයකට ආණ්ඩුවේ මුදල් නාස්ති කිරීමක් යැයි සිතන්න ඇත.

ජේ.ආර්.ගේ මේ සම්ප්‍රදායම ප්‍රේමදාස ජනාධිපති වූ පසුත් අනුගමනය කළේය. ජේ.ආර්.ගේ කාලයේ ඔහුව නියෝජනය කරමින් අගමැති ලෙස ප්‍රේමදාස වරක් යූ.එන්. සම්මේලනය ඇමතුවේය. ඔහු යූ.එන්. ගිහින් නිකම් සම්මේලනය අමතලා ආවේ නැත. 1987 ජාත්‍යන්තර නිවාස වර්ෂය කරන ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සිය දේශනයේදී ඉල්ලීමක් කළේය. ඔහු එසේ ඉල්ලා සිටියේ ලොව නිවහනක් නැති ජනතාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය යොමුකර එම ජනතාව වෙනුවෙන් නිවාස හදන වැඩපිළිවෙළකට ලෝකය යොමු කරන්නටය. ඔහුගේ යෝජනාව එක්සත් ජාතීන් පිළිගෙන 1987 දී ලොව පුරා නිවාස අහිමි ජනතාවට නිවාස තනන්න වැඩපිළිවෙළවල් දියත් කළේය. ලංකාවේ රාජ්‍ය නායකයෙක් යෝජනාවක් කර එම යෝජනාව එක්සත් ජාතීන් පිළිගත් පළමු අවස්ථාව එයය. එවක අගමැති ලෙස ප්‍රේමදාස යූ.එන්. ගොස් කතාවක් කර ගෙදර ආවේ නැත. එක්සත් ජාතීන්ගේ ඉතිහාස පොතේ ලංකාවේ නම තැබුවේය.
ඒත් ඔහු ජනාධිපති වූ පසු කිසිදු වසරක යූ.එන්. ගියේ නැත. ඔහුත් සිතන්න ඇත්තේ කතා සාප්පුවකට ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම නිෂ්ඵල වැඩක් කියා විය යුතුය.

ලංකාවට විශාල වශයෙන් විදේශ ආයෝජන සහ ආධාර ලැබුණේ ජේ.ආර්.ගේ සහ ප්‍රේමදාසගේ පාලන කාලවලය. ජේ.ආර්.ගේ කාලයේ නිදහස් වෙළෙඳ කලාප සහ සංචාරක හෝටල් හැදුණි. ප්‍රේමදාස විදේශ රටවලින් ඇඟලුම් කෝටා ගෙන ලංකාවේ ඇඟලුම් කම්හල් විප්ලවයක් දියත් කළේය. ජනසවියට ලෝක බැංකුව මුදල් දෙන්නේ නැහැ යැයි ආර්ථික විශේෂඥයන් අනාවැකි කියද්දී ඔහු ජනසවියට ලෝක බැංකු ආධාර ලබාගත්තේය.

ජේ.ආර්.වත් ප්‍රේමදාසවත් මේ විදේශ ආයෝජන, විදේශ ආධාර ලබාගත්තේ විදේශ රටවල සංචාරය කොට රජයේ මුදල් නාස්ති කිරීමෙන් නොවේ. ඒ වැඩේට දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඒ රටවලට යවලා ලංකාවේ සිට ඔවුන්ව මෙහෙයවලාය.

යූ.එන්. එන රාජ්‍ය නායකයන් ලංකාවේ නායකයන් හමුවීම මහා ලොකු දෙයක් නොවේ. එම සාකච්ඡාවලින් ලංකාවට කවදාවත් ප්‍රතිලාභ හිමිවී නැත. 1956 සිට ලංකාවේ රාජ්‍ය නායකයන් යූ.එන්. මහා සමුළුවට ගොස් හමුවූ රාජ්‍ය නායකයන් ගණන ගණනය කළ නොහැකිය. හැබැයි ඒ රාජ්‍ය නායකයන් හමුවීමෙන් ලංකාවට කිසිදු ප්‍රතිලාභයක් හිමිවී නැත. ඒ වෙනුවට යූ.එන්. සම්මේලනවලට නොගොස් ජේ.ආර්. සහ ප්‍රේමදාස ලංකාවට ජාත්‍යන්තරයෙන් විශාල ප්‍රතිලාභ අත්කර දීමට සමත් වූහ.

යූ.එන්. සම්මේලනයට යෑමෙන් රාජ්‍ය නායකයන්ට යූ.එන්. මහා සමුළු වේදිකාවේ සිට කතා කරන ඡායාරූපයක් සහ ඇමෙරිකානු ජනාධිපති සමග පෝලිමේ සිට ඡායාරූප ගැනීමේ අවස්ථාව හිමිවේ. ඒ ඡායාරූප රාජ්‍ය නායකයාගේ ඇල්බමයට හොඳය. රටට සෙතක් නැත.

සිස්ටම් චේන්ජ් කරන්න ආ ජවිපෙ ආණ්ඩුව වසර 76ක ශාපයෙන් යූ.එන්. සංචාර සිස්ටම් එක චේන්ජ් කළේ නැත. ජවිපෙ ආණ්ඩුවේ රාජ්‍ය නායකයාත් වසර 76ක ශාපයේ අනෙකුත් රාජ්‍ය නායකයන් මෙන් යූ.එන්. ටුවර් එකක් ගොස් කතාවක් කොට රාජ්‍ය නායකයන් එක්ක පින්තූර අරගෙන ලංකාවට ආවේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුරට අවුරුද්දයි! රටෙන් 50%කට වඩා දුප්පත් වෙලා….! ඔන්න ඕකයි තත්ත්වෙ…! Sri Lanka Latest News

Next Post

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාටත් සෙකන්ඩ් නොවූ මරදානේ චොප්පෙ! Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.