• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වේයන්ගොඩ නිධාන කතා මැද වැල්ලවායෙන් මතුවූ නිධානය! Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වේයන්ගොඩ නිධාන කතා මැද වැල්ලවායෙන් මතුවූ නිධානය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබ හොඳින්ම දන්නවා ඇතැම් රටවල මිනිස්සු සහ ඒ රටවල රජයන් ඒ රටවල ඉතිහාසය ආරක්ෂා කරගන්න ඒ රටවල පුරාවිද්‍යාව ආරක්ෂා කරගන්න කොච්චර වෙහෙසෙනවද කියලා. ඇමෙරිකාව, ජපානය, චීනය හෝ බාහිරව මුදල් අතින් දියුණුයි කියන හැම රටක්ම ඒ රටවල ඉතිහාසය, ඒ රටවල පුරාවිද්‍යාව මොනවා හරි ඒ රටේ තියෙනවා නම් යම් වටිනා වස්තුවක්, අඩුම තරමින් පරණ ගල් ගෙඩියක් හරි තියෙනවා නම්, ඒක ආරක්ෂා කරගන්න රැකවල් දාලා කොච්චර උනන්දු වෙනවද? මොකද ඕනෑම රටක අභිමානය තියෙන්නේ ඉතිහාසය තුළ. ඉතිහාසය මත තමයි අභිමානය රැඳෙන්නේ. ඉතිහාසයේ කරපු කියපු දේවල් මත තමයි රටක අභිමානය ගොඩනැගෙන්නේ. ඒ අභිමානය ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ ඒවා රැකුණොත් විතරයි. ඒ නිසා අපි ආර්ථික වශයෙන් දියුණුයි කියලා හිතන හැම රටකම රජයන්, ඒගොල්ලන්ගේ ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක උරුමයන් රැකගන්න අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කරනවා. නමුත් අපේ රටේ එහෙම වෙනවද? අපේ රටේ අවුරුදු ගානක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒවා ආරක්ෂා කරගැනීම උදෙසා යම් දායකත්වයක් සපයනවා. අතුපතු ගාලා, කැලේ කපලා, ශුද්ධ පවිත්‍ර කරන කටයුතු කරනවා. එවැනි දේවල් කිරීම තුළින් පමණක් අපිට මේ උරුමය ආරක්ෂා කරගෙන මතු පරපුරට පවරන්න පුළුවන්ද? මේක නඩත්තු කිරීමක් සිදුවෙනවද? අතුපතුගාලා, කැලේ සුද්ධ කරලා දාන එක විතරක් කරලා මේක ආරක්ෂා කරගන්න පුළුවන්ද? කිසිසේත්ම බැහැ. (Sri Lanka Latest News)

සාමාන්‍යයෙන් කාලයාගේ ඇවෑමෙන් යම් යම් වස්තු විනාශ වෙන එක සිදුවෙනවා. ඒ විනාශ වෙන එක යම් කාලයකට ප්‍රමාද කරගන්න අපට විවිධ දේවල් කරන්න පුළුවන්. එහෙම නම් අපි ඒ දේවල් කරනවද? ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යාවට අයිති ස්ථාන සහ භූමි තියෙනවා. දහස් ගණනක් තියෙනවා. ඒ ඔක්කොම විහාර ආරාම සංකීර්ණ. ඒ සියල්ලම බෞද්ධ උරුමයන් පවතින සිද්ධස්ථාන. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. මේ සියල්ලම බෞද්ධ උරුමයන්. උතුරෙත්, දකුණෙත්, බටහිරත් රටේ අටකොනේම තියෙන්නේ බෞද්ධ උරුමයන් පවතින සිද්ධස්ථාන. ඒවා මීට වඩා අපි ආරක්ෂා කරගත යුතුයි කියන කාරණය අපි හැමදාම කියනවා. අදත් අපට ඒ ගැන කියන්න සිදුවෙලා තියෙන්නේ මම පහුගිය දවසක ගියා වැල්ලවායේ සෙල්ලබාව කියන පුරාවිද්‍යාත්මක ස්ථානයට. ඒක අක්කර සිය ගානක් විශාල පුරාවිද්‍යා භූමියක්. පෝයකටවත් මනුස්සයෙක් එතැනට යනවා කියලා හිතන්න අමාරුයි. කලාතුරකින් විනෝද චාරිකාවක යන මිනිස්සුත් එතැනට ඉඳලා හිටලා යනවා ඇති. නමුත් ලොකු පිරිසක් ඒ භූමියට ඇවිල්ලා, ඒක දැකබලාගන්න ස්වභාවයක් අපට පේන්න තිබුණේ නැහැ.

ඔබ විශ්වාස කරන්න, ප්‍රධාන පෙළේ විහාරාරාම සංකීර්ණයක්. ඇතැම් වෙලාවට කන්දක් පාමුල තිබෙන නිසා ඒක පබ්බතාරාමයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ පුරාවිද්‍යාත්මක භූමියක්. ඒ භූමියේ ප්‍රධාන වශයෙන් තියෙනවා විශාල ගල් කණු සහිත ගොඩනැගිල්ලක්. ඒක පධානඝරයක් වෙන්න පුළුවන්, දාන ශාලාවක් වෙන්න පුළුවන්, ආරෝග්‍ය ශාලාවක් වෙන්නත් පුළුවන්. අපි හිතුවොත් ප්‍රධානඝරයක් කියලා. ඒකට අමතරව තියෙනවා චෛත්‍යයක්. උඩ චත්‍රයක් පිහිටුවන්න පුළුවන් ආකාරයට ගඩොලින් නිමවූ චෛත්‍යයක් එතැන තියෙනවා.

වැදගත්ම කාරණය තමයි මෙතැන තියෙන ගලින් නිමවූ පිළිමය. ඒක බිමට ඇදවැටිලා, හතරට පහට කැඩිලා විනාශ වෙලා යනතුරුම අපිට නිහඬව බලාගෙන ඉන්න සිදුවුණා. මේ පිළිමය බිමට ඇදවැටිලා මේ වෙද්දී අවුරුදු කීයක් ගතවෙලා ඇද්ද? ඇයි මේවට ප්‍රතිකර්මයක් කරන්න බැරි? අපි පුරාවිද්‍යාත්මක භූමි රැකගෙන අපේ ඉතිහාසය රැකගෙන මතු පරපුරට එය පවරනවා නම් අපි මේවා ආරක්ෂා කළ යුතුයි. පුරාවිද්‍යාව භාර ඇමැතිවරයෙක් ඉන්නවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නවා, සේවකයෝ ඉන්නවා, මහාචාර්යවරු ඉන්නවා. නමුත් මේ වැටුණු බුදු පිළිමය කෙළින් කරලා සිටුවලා, යළිත් මිනිස්සුන්ට දැකබලාගෙන වන්දනාමාන කරන්න ඉඩ සලස්වන්න ඇයි අපිට බැරිවුණේ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන මිනිස්සු, වගකිව යුත්තෝ කෝ? පුරාවිද්‍යාව කියන විෂය ඒ අදාළ ඇමැතිවරයාට භාරදෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔහුට වගකීමක් තියෙන නිසානේ. පුරාවිද්‍යා ගවේෂණය කියලා කියන්නේ සෑහෙන වටිනා වැඩක්නේ. කියලා නිමකරන්න බෑ ඒ වටිනාකම.

මේවා නිකන්ම නිකන් ඇදගෙන වැටිලා වෙන්න බෑ. නිධන් හොරු විසින් මේවා බිම වට්ටලා, කෑලි කෑලිවලට කඩලා, නිධන් හොයන්නත් උත්සාහ කරනවනේ. ඒ හරහා මේ ප්‍රතිමා විනාශ වෙලා. කෙසේ වෙතත් කවුරු කොහොම මොන විදියට කළත් ඇයි මේවා කෙළින් කරලා නගාසිටුවන්න බැරි? ඒකට අපිට හිටියද කෙනෙක්? මෙතැන තමයි ප්‍රශ්නය තියෙන්නේ. මේ අවුරුදු 45ක 50ක කාලය ඇතුළත අපේ උරුමය මතුකරලා ලෝකෙට කියන්න කිසිම ජගතෙක් හිටියේ නෑ. සෙල්ලබාව වගේ පුරාවිද්‍යා ස්ථාන ලංකාවේ විශාල වශයෙන් තියෙනවා. ඒවා වල්වැදිලා ගිහිල්ලා තියෙන්නේ. ඒවායේ පිළිම කැඩිලා විනාශ වෙලා. සමහර චෛත්‍ය විනාශ වෙලා. විශාල වශයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ස්ථාන විනාශ වෙලා. ගල් කණු බිම වැටිලා. සිරිපතුල් ගල් කැලෙන් වැහිලා. ඒවා හොයාගන්නවත් කාටවත් වුවමනාවක් නෑ. මල් ආසන කුඩුවෙලා. ජලය පුරවපු පාත්‍රා කුඩුවෙලා. ඒවා කෑලි කෑලිවලට කැඩිලා ගිහිල්ලා. මේ කිසිම දෙයක් කරන්න මේ අවුරුදු 50ක කාලය තුළ කිසිම කෙනෙක් මේ රටේ පහළ වුණේ නෑ. සරලවම කියනවා නම් අපේ ඉතිහාසය යළි මතුකරගෙන, ඒ ඉතිහාසය හරහා අපි ගොඩනැගෙන ජාතියක් බවට පත්කරන්න පුළුවන් කිසිම කෙනෙක් මේ අවුරුදු 50 ඇතුළත බිහිවුණේ නෑ. එහෙම හිටියා නම් මේ පුරාවිද්‍යාත්මක භූමි මේ විදියට විනාශ වෙලා යන්නේ නෑ. මේ හරහා තමයි අපේ අනාගතය අපිට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. රටේ වටිනාකම හිතේ තියෙනවා නම්, කිසිම දවසක මේ වගේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත දේවල් විනාශ වෙන්න ඉඩ තියන්නේ නෑ.

ඒ ගැන හොයලා බලන්න පුළුවන්. මොකද ඒවා පුරාවිද්‍යාවට අයත් භූමිනේ. ඒවායේ අදාළ නිලධාරීන් ඉන්නවනේ. ඔවුන්ට පුළුවන් අමාත්‍යාංශය දැනුවත් කරන්න, ඇමැතිවරයා දැනුවත් කරන්න. අගමැති, ජනාධිපති දැනුවත් කරලත් ඒ දේවල් කරන්න පුළුවන් නේ. හැබැයි මේවට කර තියලා අපේ ඉතිහාසය යළි නගාසිටුවලා ලෝකයට අපේ ඉතිහාසයේ අභිමානය ගැන කියන්න මේ මෑත ඉතිහාසයේ කිසිම කෙනෙක් හිටියේ නැහැ.

වෙන රටක මේ වගේ වටිනා උරුමයක් තිබුණා නම්, ඒ රටවල මිනිස්සු මේවට කොපමණ ආකාරයෙන් සැලකීමක් දක්වයිද? මේවායේ අභිමානය මතුකරන්න කටයුතු කරයිද? නමුත් මේක මහා සිංහල බෞද්ධයාගේ අවාසනාව හැටියටයි අපි දකින්නේ. ඉතිහාසයේ අභිමානය මතුකරගන්න කාටවත් වුවමනාවක් නෑ. ඉතිහාසයේ වළලපු නිධන් ටික ගොඩගන්න නම් හැමෝටම වුවමනාව තියෙනවා. පහුගිය දවසක මම දිඹුලාගලට ගියා. දිඹුලාගල අහස් මාලිගාවේ සිරිපතුලක් තියෙනවා. ඒ සිරිපතුලේ එක පැත්තක්ම කඩලා නිධන් හොරුන් විනාශ කරලා දාලා තිබුණා. ඒක නැවතත් කොන්ක්‍රීට්වලින් හදලා තියෙනවා. නමුත් ගම්මු කියන්නේ එතැන මහා විශාල නිධානයක් තිබුණා, ඒක ගත්තා කියලා. නමුත් ඒ නිධානය පන්සලේ හාමුදුරුවෝ ගත්තේ නෑනේ. එතකොට ඒ නිධානය කවුරු හරි පිරිසක් විසින් ගන්න ඇතිනේ. ඒකනේ ගම්මු කියන්නේ ඒක කවුරු හරි අරගෙන කියලා.

ඒ වගේම විවිධ දේවල් කරලා මේ රටේ විවිධ තැන්වල තිබුණු නිධන් ලබාගත් බවට තොරතුරු හැම තැනින්ම අහන්න ලැබෙනවනේ. අසවලා නිධන් ගත්තා, අසවල්ලු මෙච්චර නිධන් ගත්තා කියලා කටකතා තියෙනවනේ. ඒකයි අපි කියන්නේ ඉතිහාසයේ අභිමානය මතුකරන්න කාටවත් වුවමනාවක් නෑ. නමුත් ඉතිහාසයේ වළදාපු යම් වටිනා වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව මතුකරගෙන තමන්ගේ කරගන්න හැමෝටම කැමැත්තක් තියෙනවා.

පහුගිය දවස්වල වේයන්ගොඩ නිධානයක් හරනවා කියලා මාධ්‍යවලින් අපි දැක්කා. නිධන් හාරන එක තහනම් වැඩක්නේ. ලංකාවේ නීතියට අනුව නිධන් හාරන්න බැහැ. නිධන් හාරන මිනිස්සු අත්අඩංගුවට අරගෙන, ඒ අයට නීතිය ක්‍රියාත්මක කරලා, සමහරු හිරේ විලංගුවට පත්කරනවා. ඒ වගේ වරදකට ඇපත් නැහැ. නමුත් අද ලංකාවේ නිධන් හාරන්න රජයට අවසර දීලා තියෙනවා. පොලිසිය ගිහිල්ලා, පොලිසියේ මැදිහත් වීමෙන් වේයන්ගොඩ නිධානය හාරනවා. නිධන් හාරන්න ලංකාවේ ගරු අධිකරණය අවසර දෙනවා නම්, ඒක ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නයක් නැති හින්දනේ අවසර දෙන්නේ. එතකොට නිධන් හාරලා හිරේ ගිය මිනිස්සුන්ට මොකද කරන්නේ? ඒ අයව නිදහස් කරනවද? මොකද අධිකරණය අවසර දෙන්නේ නිකන්ම නෙවෙයිනේ. කවුරු හරි ඒකට ඉල්ලීමක් කරන්න ඇතිනේ, මෙතැන නිධානයක් තියෙනවා, ඒක හාරන්න අවසර දෙන්න කියලා. ඒ ඉල්ලීම කරන්නේ ප්‍රාදේශීය ලේකම් නෙවෙයිනේ. ඒ ඉල්ලීම කරන්නේ දිස්ත්‍රික් ලේකම් නෙවෙයිනේ. මෙච්චර කල් ප්‍රාදේශීය ලේකම්වරු, පොලිසියේ ඉහළ නිලධාරීන් හිටියා. නමුත් ඔවුන් ඒ වගේ ඉල්ලීමක් මේතාක් කරලා තිබුණේ නෑනේ. ඒගොල්ලෝ නෙවෙයිනේ මේ ඉල්ලීම කරන්නේ. නමුත් කවුරු හරි මේ ඉල්ලීම කරලා තියෙනවනේ. ඒ ඉල්ලීමට අවසරයත් හිමිවෙලා තියෙනවනේ. එතකොට නිධන් හෑරීම වරදක් නම්, ඒ වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත මිනිස්සුන්ට, ඒ වරදට හිරබත් කන මිනිස්සුන්ට ගරු අධිකරණය දැන් මොකද කරන්නේ?

අපි දන්නවා අතීතයේ මේ රට කරවපු මිනිස්සු නිධන් හෑරුවා කියලා සමාජයේ කතාවක් තියෙනවා. තැන් තැන්වල රටේ මිනිස්සු එහෙම කියනවනේ. නම්ගම් කියන්න ඕනේ නෑ. අපි දන්නවා ඒ ගැන. ඒගොල්ලෝ නිධන් හෑරුවේ අධිකරණයේ අවසරයක් ඇතුව නෙවෙයි. හැබැයි දැන් මේ ඇවිල්ලා ඉන්න කට්ටියත් අධිකරණයේ අවසරයක් ඇතිව නිධන් හාරනවා. අවසානයේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අදටත් අපි ඩොලර් එකක් හරි හොයනවා නම් හොයා ගන්නේ පැරැණි පූජනීය මිනිස්සු ඉදිකරපු දේවල් සුද්දන්නට පෙන්නලා. උදාහරණයක් විදියට සීගිරිය ඇතුළු තව ගොඩක් තැන් තියෙනවා. මේ රටට ආදරය කරපු, රට ජාතිය සම්බුද්ධ ශාසනයට ජීවිතය පරිත්‍යාග කරපු අපේ මුතුන් මිත්තන් පැරැණි විස්මිත තාක්ෂණය භාවිත කරලා ගොඩනගපු දේවල් ලෝකෙට පෙන්නලා තමයි අපි අදටත් රටට ඩොලර් එකක් හරි උපයා ගන්නේ. රුපියලක්වත් උත්පාදනය නොකරන පාලකයෝ හිටපු රටක අපි අදටත් ඩොලර් එකක් හරි රට වෙනුවෙන් හොයා ගන්නේ මේ අතීත උරුමයන් නිසා. එවැනි පූජනීය මිනිස්සු මහ පොළොව යට මොනවා හරි වස්තුවක් තැන්පත් කරලා තියෙනවා නම්, පහුගිය අවුරුදු 40ක 45ක කාලයක් තිස්සේ මේ රට පාලනය කරන රජවරු හොයන්නේ ඒ පැරැණි මිනිස්සු තැන්පත් කරපු වස්තුව නම්, ඒක කොයි තරම් කනගාටුදායකද?

කිසිම කර්මාන්ත ශාලාවක් පටන්ගන්නේ නැතුව, රුපියලක්වත් උත්පාදනය කරන්නේ නැතුව, අර පැරැණි මිනිස්සු තැන්පත් කරපු වස්තුව නම් ඔවුන් හොයන්නේ අපි කොතැනටද තල්ලු වෙන්නේ? අපිට මොනවද කියන්න පුළුවන් වෙන්නේ? හොරෙන් කොටසක් හෑරුවා. දැන් නීත්‍යනුකූලව තව කොටසක් හාරනවා. ඇයි එදා අධිකරණයේ අවසර අරගෙන ඒ දේවල් හෑරුවේ නැත්තේ? අද අධිකරණයේ අවසර සහිතව හාරන්නේ ඇයි? කන්න ඕනේ වුණාම කබරගොයත්, තලගොයා වෙනවා. දැන් අපිට පැහැදිලියි යළි යළිත් මේ රටේ ඉතිහාසයයි මේ විනාශ වෙන්නේ කියන එක. අපේ අභිමානයයි මේ විනාශ වෙන්නේ. අපේ අනභිභවනීය උරුමය තමයි මේ විනාශ වෙන්නේ. අවුරුදු 40ක 45ක කාලයක් තිස්සේ මේ දේවල් හිතාමතා කරනවාද, නොහිතා කරනවද කියන්න අපි ඉස්සර වෙන්නේ නෑ. අපි දන්නේ නෑ නෙවෙයි, අපි දන්නවා. නමුත් අපි එහෙම කියන්න ඉක්මන් වෙන්නේ නෑ. ඔබ තීරණය කරන්න ඒ ගැන. අන්තිමට අපට කියන්න තියෙන්නේ අපේ වටිනාකම්, අපේ උරුමයන් තේරුම්ගත්ත දිනයක් උදාවෙන දවස එනතුරු අපි බලාගෙන ඉන්නවද? අපි ඒ දවස උදාකරගන්න උනන්දු වෙනවද කියන එක. ඒ දවස උදාකර ගන්නේ කොහොමද කියන එක ගැන ඔබ තීරණය කරන්න ඕනේ.
සමහරු හිතනවා වෙන්න පුළුවන් දැන් ඒ දවස උදාවෙලා තියෙන්නේ කියලා. අපි කොච්චර සතුටුද එහෙම නම්. නමුත් එන්නේ නැත්නම්? අපේ උරුමය ආරක්ෂා කරන යුගයක් එනවා නම් හොඳයි. නමුත් එන්නේ නැත්නම්? එන්නේ නැත්නම් අපි කොහොම හරි ජාතියක් හැටියට ඒ ගමන ආරම්භ කරන්න ඕනේ. අපේ අභිමානය අපේ උරුමය ළඟාකර ගන්න යුගය අපි නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන දේ…

Siwhela TV යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

මෙන්න විශේෂ නිවේදනයක්! බස් ගාස්තු අඩු කරන්නේ නෑ! Sri Lanka Latest News

Next Post

‘ටෘත් විත් මනූෂගේ මල්ලි’ උණුසුම් වෙයි! රට යවනවා කියලා සල්ලි අරන් පොල්ල තියපු කණ්ඩායමක් මනූෂගේ මල්ලිව පණපිටින් අල්ලගන්න චමුදිතගේ වැඩසටහනක් පටිගත කරමින් සිටි තැනට කඩාවදියි! Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.