ඊයේ (30) සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.Sri Lanka Latest News
ඔහු මේ බව සදහන් කළේ, අද (01) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් අතරතුරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ,
“මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව මෙවරත් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවුණා.
මෙවර රුපියල් 03කින් අපි භාවිතා කරන ඔටෝ ඩීසල් මිල වැඩිවෙලා තියෙනවා.
පහුගිය මාසයේ නම් මිල අඩු වුණා. මෙවර රුපියල් 03ක් වැඩි වුණා කියලා බස් ගාස්තුවේ වෙනසක් කරන්නේ නැහැ.අපි රාමුවේ ඉන්නවා.”










