ඉන්දියාව හා යාපනය අතර මත්කුඩු ප්‍රවාහනය කරණ යාපනයේ කුඩු රජා හෙවත් ”කුඩුදේව ප්‍රසන්නා” යාපනය ජාත්‍යාන්තර ගුවන් තොටුපලේදී යාපනය පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
ඔහු කාලයක් තිස්සේ ඉන්දියාවේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවා තිබේ.
වසර දෙකකට පසුව මෙම අපරාධකරු ඉන්දියාවේ සිට ගුවන් යානයකින් ආපසු යාපනයට පැමිණෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් යාපනය ගුවන් තොටුපළට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයාට එරෙහිව යාපනය අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු කිහිපයක්ම ඇති අතර, යාපනය තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ සිද්ධීන් කිහිපයක් මත ඔහුව යාපනය පොලිසියටද අවශ්‍යව සිටි අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුව මුලින්ම වරෙන්තු සඳහා යාපනය අධිකරණයට ඉදිරිපත් කොට, අනතුරුව සෙසු චෝදනා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යන බව යාපනය පොලිසිය සඳහන් කරයි.
lankasara










