පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට අද (17) හිමිවිය.Sri Lanka Latest News
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් චන්දන මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.










