පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මහනුවර කඩුගන්නාව නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරයත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට අද හිමිවිය.Sri Lanka Latest News
ඒ අනුව කඩුගන්නාව නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලක්ෂිත අබේරත්න මහතා නගරාධිපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.










