• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙනවා කියපු සහන මල්ල අනුර පාර්ලිමේන්තුවේදී දිගහරී! ඩීසල්වලට 100ක පෙට්‍රල්වලට 20ක සහනාධාරයක්! අස්වැසුම වැඩි කළා! මාස 3කට විදුලි සහනාධාරයක්! පොහොර සහනාධාරයක්! ධීවරයන්ට සහනාධාරයක්! VIDEO I Sri Lanka Latest News

April 7, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
මාක්ස්වාදයත් නෑ! වාමාංශිකත් නෑ! ගොඩක් වෙලා සිංහලෙන් කිව්වට IMF ඉංග්‍රීසි අයවැයක්! පසුගාමී තත්ත්වයක්! කනගාටුයි! වෙනසක් නැත! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.Sri Lanka Latest News

වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවද පැවසු ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද පැවසීය.

වෙළෙඳපොළ වටිනාකමට අනුව මේ වනවිට ඩීසල් ලීටරයක මිල රු 600 ඉක්මවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“එළැඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රු කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”

එසේ වුවත් නිසි දත්ත සපයා ගැනීමක් නොමැති වීම හේතුවෙන් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් මිල වෙළෙඳපොළ මිලට ගැලපීමට තීරණය කළ බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව පොදුවේ සෑම ඩීසල් ලීටරයකටම රජය රුපියල් 100ක වියදමක් රජය විසින් දැරීමට තීරණය කළ බවත් ඒ සඳහා මාස තුනක් සඳහා රුපියල් කෝටි 6,000ක් රජයට වැයවෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

අස්වැසුම සහනාධාරය

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබා දීම:

–    රුපියල් 7,500/- ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබා දීම.
–    රුපියල් 5,000/-ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම.
–    රුපියල් 2,500/- ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබා දීම.

විදුලි සහනාධාරය

ඒකක 90ට අඩු අයට සහන දෙන්න රුපියල් බිලියන 15ක් වෙන් කෙරේ.

ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.

පොහොර සහනාධාරය

හෙක්ටයාරයකට රු 25,000ක් ලෙස ලබාදෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රු 30,000ක් දක්වා ඉහළ නංවීම.

අතිරේක භෝග සඳහා හෙක්ටයාරයකට රු 15,000ක් වූ පොහොර සහනාධාරය යල කන්නය සඳහා රු 18,000දක්වා ඉහළ නැංවීම.

ගොවීන්ට, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රු 10,200ක ස්ථාවර මිලකට.

ධීවර සහනාධාරය

එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රු 50 බැගින් වූ සහනාධාරයක් මාස 3ක් සඳහා.

ඉදිරි මාස 3 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රු 150,000 එකවර ගෙවනු ලබන දීමනාවක් ලබාදීම.

SendShareShare
Previous Post

ගෙනාපු ගල්අඟුරු බාලයි කියලා පළමු වරට අනුරම පාර්ලිමේන්තුවේදී පිළිගනී! ප්‍රමිතියේ ප්‍රශ්නයක් තියෙනවා! ගල්අඟුරු හොඳද කියලා බලන්නේ මං කාලා හපලා නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වරද අනාවරණ වූ දිනය යනු සිද්ධිය ගැන පැමිණිලි කළ දිනය නොව විමර්ශන නිලධාරියා විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනයයි! බෙහෙත් වැඩි මිලට විකිණූ සිද්ධියේ ආසිරි රෝහල මතු කළ කාලාවරෝධ විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.