• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

නේපාල රජ පවුල ගෙදර යවපු අගමැතිත් ගෙදර! ආණ්ඩුවටත් පාඩමක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 15, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
නේපාල රජ පවුල ගෙදර යවපු අගමැතිත් ගෙදර! ආණ්ඩුවටත් පාඩමක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නේපාලයේ පන්නා දමපු අගමැති ෂර්මා ඔලි දුප්පත් ගොවි පවුලකින් පැවැත එන්නෙකි. ෂර්මා ඔලිට වයස අවුරුදු හතරේදී ඔහුගේ මව මියගියාය. 1958 ගංවතුරෙන් ඔවුන් වගා කළ ඉඩම් ඔවුන්ට අහිමි වූ අතර, ගම් අතහැර යන්න ඔවුන්ට සිදුවිය. එකල නේපාලය පාලනය කළ පංචායත් ක්‍රමයට එරෙහිව නැගී ආ නැක්සලයිට් ව්‍යාපාරයේ ආභාසය ඔහුට ලැබුණේ මේ කාලයේය. ඔහුගේ මාමා කෙනකුගෙන් කොමියුනිස්ට්වාදය ඉගෙනගෙන ඔහු පසුව නේපාලයේ කොමියුනිට් පක්ෂයට එක්විය. පංචායත් ක්‍රමයට එරෙහිව ඔහුත් ඔහුගේ පක්ෂයත් ගහපු කොමියුනිස්ට් කැරැලි නිසා ඔහුට 1973 සිට 1987 දක්වා වසර 14ක් සිර දඬුවම් විඳින්න සිදුවිය. 1987 හිරෙන් නිදහස් වන ඔලි යළි කොමියුනිස්ට් පක්ෂ දේශපාලනයට එක්විය. නේපාලයේ මාක්ස්වාදීන් සහ ලෙනින්වාදීන් වශයෙන් බෙදිලා හිටිය කොමියුනිස්ට් පක්ෂ එකට එකතු වීමෙන් පසු ඔහු එහි මධ්‍යම කාරකසභාවේ සාමාජිකයෙක් විය. නේපාලයේ රජ පවුල පන්නා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා වූ 2006 විප්ලවයේ ඔහු ප්‍රධාන චරිතයක් විය.Sri Lanka Latest News

ඔලි පළමු වරට එරට අගමැති ධුරයට පත්වන්නේ 2015දීය. ඉන් පසු ඔහු තුන් වරක් අගමැති ධුරයට පත්විය. ඔලිට එරෙහිව කොමියුනිස්ට් පක්ෂය තුළින්ම ආ චෝදනාව ඔහුගේ ආණ්ඩුව කොමියුනිස්ට් ප්‍රතිපත්ති පාවාදෙන බවය.

ඇමෙරිකාව විසින් 2015 මෛත්‍රී සහ රනිල් ආණ්ඩුව කළ ඉල්ලීමකට අනුව ලංකාවට දුන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර ව්‍යාපෘතිය 2019 බලයට ආ ගෝඨාගේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. මෙම ආධාර ව්‍යාපෘතියේ ලංකාව ඇමෙරිකානු යටත් විජිතයක් බවට පත්වන බවට රාජපක්ෂවරු සහ පොදුජන පෙරමුණ මෛත්‍රී-රනිල් ආණ්ඩුවට එරෙහිව විශාල කැම්පේන් එකක් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝඨා ජනාධිපති වූ විගස ආධාර ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළේය. ලංකාවට එපාවූ ආධාර ව්‍යාපෘතිය ආදරයෙන් වැලඳ ගත්තේ නේපාලයේ කොමියුනිස්ට් නායක ඔලිය. නේපාලය ඇමෙරිකානු යටත් විජිතයක් බවට පත්කිරීමේ කොන්ත්‍රාත්තුව කොමියුනිස්ට් ඔලි භාරගෙන යැයි කියමින් කොමියුනිස්ට් පක්ෂය තුළින්ම ඔහුට එරෙහිව විරෝධතා රැල්ලක් මතුවිය.

නේපාලයේ සාම්ප්‍රදායික රජ පවුලට සහ පංචායත් පාලන ක්‍රමයට එරෙහිව කැරැලි ගසපු ඔලි කිහිප වරක්ම අගමැති ධුරයට පත්වීමෙන් පසු සිය රැඩිකල් කොමියුනිස්ට් ප්‍රතිපත්ති පාවාදෙමින් දූෂිත පාලන ක්‍රමයේ ගොදුරක් බවට පත්විය. නේපාල ජනතාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ ‘සිස්ටම් චේන්ජ්‘ එකකි.

ඔලි රජ පවුලට එරෙහිව පංචායත් පාලන ක්‍රමයට එරෙහිව ‘සිස්ටම් චේන්ජ්’ කරන්න ජනතාව පාරට ගෙන විප්ලව කළ නායකයන්ය. මෙදා ඔවුන් දෙදෙනාටම වැරැදුණි. ඔවුන්ගේ කොමියුනිස්ට් බණ අසා සිස්ටම් චේන්ජ් කරන්න විප්ලව කරන්න පාරට ආ ජනතාව ඔවුන් යන්නේත් පරණ රජ පවුල සහ පංචායත් ක්‍රමය ගිය පාරේම බව දැන ඔවුන්ට එරෙහිව නැගී සිටියේ ඔවුන් පුරුදු කරපු ප්‍රචණ්ඩ විප්ලවකාරී දේශපාලනය අතට අරගෙනය. ඔලිට අගමැති ධුරය දමලා පැන යන්න සිදුවිය.

නේපාලයේ අරගලකරුවන් අරගල කරන්න ඉගෙන ගත්තේ බංග්ලාදේශයෙන් සහ ලංකාවෙන් නොවේ. ඔවුන් අරගල කරන්න ඉගෙන ගත්තේ ඔලි සහ මාඕවාදී නායක ප්‍රචණ්ඩලාගෙන්ය.
ලංකාවේ ජනතාවත් අරගල කරන්න ඉගෙන ගත්තේ ජනතා විමුක්ති පෙරමුණෙනි. ජවිපෙ පළමු වරට බලයට ආවේ ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. කොමියුනිස්වාදය දේශනා කොට බලය ගෙන ඇමෙරිකානු ගැති වූ ඔලිගේ පාලනය මෙන්ම ජවිපෙද එදා කොමියුනිස්ට්වාදය, මාක්ස්වාදය දේශනා කොට අද දැඩි ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තියක්, ලෝක බැංකු, අයි.එම්.එෆ්. ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. 1948න් පටන්ගත් පාලන ක්‍රමය එලෙසටම පවත්වාගෙන යමින් සිටී. කොටින්ම කියතොත් සිස්ටම් චේන්ජ් කරන්න කියා ඇවිත් ඒ සිස්ටම් එකම පවත්වාගෙන යමින් සිටී.

‘සිස්ටම් චේන්ජ් කරන්න කියා ඇවිත් සිස්ටම් එකට අනුගත වුණු ඔලිලාට වෙච්ච දේ ජවිපෙ නායකයන්ටත් වෙයිද…?’

ඒක තවම කියන්න බැරිය. හැබැයි බංග්ලාදේශ අරගලය වගේම නේපාල අරගලයේත් රනිල්ලා නොසිටි නිසා අරගලය ජයගෙන තිබේ. ලංකාවේ වුණේ රනිල් ජනාධිපතිකම ගන්න රාජපක්ෂලා සමග ඩීල් එකක් දමාගෙන අරගලය අවුල් කොට මර්දනය කිරීමය. එහෙත් බංග්ලාදේශයේ අරගලකාරීන් විසින් පන්නපු ෂික් හසීනා සමග ඩීල් දමලා අරගලය අවුල් කරන්න රනිල් වගේ විපක්ෂ නායකයෙක් හිටියේ නැත. එහි ප්‍රතිඵලය නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඩ් යුනුස් එරට අන්තර් පාලන ආණ්ඩුවේ නායකයා වීමය. ඔහු සියලු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවේය. අද නේපාලයේ වෙන්නෙත් ඒකමය. නේපාලයේ හිටපු අගවිනිසුරුවරිය අගමැති කොට සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා මහ ඡන්දයකට යන්න දැන් සාකච්ඡා කරමින් තිබේ.

ලංකාවේ අරගලයෙන් පසුව සිදුවිය යුතුව තිබුණේත් එයය. කතානායකගේ කාමරයේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හදලා මහ ඡන්දයකට යන්න සියලු පක්ෂ සහ හමුදා සහ පොලිස් නායකයන් සාකච්ඡා පවත්වද්දී රනිල් රාජපක්ෂලා සමග ඩීල් එකක් දමාගෙන එය කඩාකප්පල් කළේය. එම සාකච්ඡාවට රනිල්ද සහභාගි වූ අතර, කතානායක ප්‍රමුඛ පක්ෂ නායකයෝ ජනාධිපති ගෝඨාභයටත් අගමැති රනිල්ටත් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඉඩ දී අයින් වෙන්න යැයි කීහ. ගෝඨා ඉවත් විය. රනිල් කතානායක සහ පක්ෂ නායකයන් ඇතුළු හමුදා, පොලිස් ප්‍රධානීන් ඉදිරිපිට ඉවත් වෙන්න පොරොන්දු වී ගෙදර ඇවිත් අන්තර්කාලීන ආණ්ඩුව හදන තෙක් තමා ඉවත් වන්නේ නැහැ කීවේය. අරගලකාරීන් රනිල්ගේ ගේ ගිනි තිබ්බේ රනිල්ගේ ඒ නිවේදනයෙන් පසුවය.

රනිල් පක්ෂ නායකයන් සහභාගි වූ කතානායකවරයාගේ රැස්වීමේදී ඉවත් වෙනවා කීවේ බොරුවටය. ඔහු ඒ රැස්වීමෙන් නැගිට ගොස් රාජපක්ෂලා ආරක්ෂා කරන්න පොරොන්දු වී ගෝඨා අයින් වුණොත් තමාව වැඩබලන ජනාධිපති ලෙස පත්කරන ලෙස ඉල්ලා සිටියේය.

ලංකාවේ උපත ලබන්න දඟලපු අරගලය නමැති කලලය රනිල් උපන් ගෙයිම විනාශ කළේ එලෙසය. ඒ සඳහා ඔහු විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේවත් පාවිච්චි කළේය. තමන් ඉවත් වන්නේ නැතැයි රනිල් නිවේදනය කරද්දී විමල්-උදය පිල වෙනුවෙන් වාසු කීවේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවනවා නම් ජනාධිපති කවුරු වුවද සජිත් එහි අගමැති ලෙස පත්කිරීමට තමන් විරුද්ධ බවය. ඒ ප්‍රකාශයෙන් අන්තර්කාලීන ආණ්ඩුව අල කොට රනිල් රාජපක්ෂලාගේ උදව්වෙන් වැඩබලන ජනාධිපති විය.

එදා අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවා මහ ඡන්දයකට ගියා නම් අද ජවිපෙ ආණ්ඩුවක් නැත. ජවිපෙ ජනාධිපතිකමත් ආණ්ඩුවත් ගත්තේ රනිල් අරගලය මර්දනය කරන්න ගහපු ගේමෙන්ය. ඒ ගේමට රාජපක්ෂලාත් හවුල් විය. විමල්ලා උදයලාත් හවුල් විය.

‘නුඹ නාඩන් නුඹ නාඩන්
නුඹට ඕවා හොඳ පාඩම්…’

අද හිරේ යන්න බයේ හැංගෙන දේශපාලනඥයන්ට ඕවා හොඳ පාඩම්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ සිසුන් ලක්ෂ 44ටම චීනෙන් තෑග්ගක්!  I Sri Lanka Latest News

Next Post

ප්‍රයිවට් අයට CTB පුහුණුව! Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.