පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන සැමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් විශේෂ රියැදුරු පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
පසුගියදා ඇල්ල – වැල්ලවායේදී සිදුවූ පෞද්ගලික බස් රථ අනතුරෙන් පසු, මෙම තීරණයට එළැඹි බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
මෙම පොදු ප්‍රවාහන පුහුණුව මෙම වසරේ දෙසැම්බර් මස 31 දිනට පෙර, අනිවාර්යයෙන්ම ලබාදීමට ලංගම බලධාරීන්ට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් උපදෙස් ලබාදී ඇතැයිද හෙතෙම කීවේය.
පොදු මගී ප්‍රවාහන සේවයේ නිරතවන රියැදුරන් මෙන්ම පාසල් ළමුන් ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදෙන රියැදුරන් අනිවාර්යයෙන්ම මෙම පුහුණුව ලබාගත යුතු බවද අමාත්‍යාංශ ප්‍රකාශකයා කීවේය.
දැනට මෙසේ ලබාදෙන පුහුණුව දින තුනක කාලයකට සීමාකරනු ලැබුවද, ඉදිරියේදී මෙම පුහුණුව ඊට වඩා දීර්ඝ කිරීම කෙරෙහිද අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයිද හෙතෙම වැඩි දුරටත් කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










