වෘත්තීය සමිති සමග ගැටීම නොව ඔවුන් සමග එකට වාඩිවී සාකච්ඡා කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කීය.Sri Lanka Latest News
ADVERTISEMENT
අද පැවැති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා කියා සිටියේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවත්, වෘත්තීය සමිති අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බවත්ය.
කෙසේවෙතත් පසුගියදා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වීම හේතුවෙන් අද වනවිට සේවකයන් 66 දෙනකුගේ සේවය අත්හිටුවීමට අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත විදුලි බල මණ්ඩල බලධාරීන් පියවර ගෙන තිබිණ.