විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ සේවකයන් සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පසුගියදා පැවැති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසාදමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධාකිරීම සම්බන්ධයෙන් පළමුව මුදල් භාර ලිපිකරුවන් 15 දෙනකුගේ වැඩ තහනම් කළ බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.
විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබිණි.
ඒ අනුව, විදුලිබල ඇමැති කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණේ, සේවාවලට බාධාකරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ විදුලිබල මණ්ඩලය මේ වනවිට සේවකයන් 66කගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.