අලි – මිනිස් ගැටුමින් මියයන පුද්ගල සංඛ්‍යාව වසරින් වසර වැඩිවෙමින් ඇති බව හෙළිව තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසුවේ 2022 වසරේ අලි – මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 435 දෙනෙකු මියගොස් ඇති අතර, එම සංඛ්‍යාව 2023 වසර අවසානයේදී 470 දක්වා ඉහළ නැග ඇති බවයි.
එම කාලසීමාව තුළදී මියගිය පුද්ගලයන්ට සහ විනාශ වූ දේපළවලට වන්දි වශයෙන් රුපියල් මිලියන 376ක් වන්දි ගෙවා ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම කාලසීමාව තුළදී මියගොස් ඇති වන අලි සංඛ්‍යාව 191කි.
වෙඩිවැදීමෙන් අලි 83 දෙනකු මියගොස් ඇති අතර, විදුලිසර වැදීමෙන් වන අලි 66ක්ද, හක්කපටස්වලින් වන අලි 47ක්ද, විෂ ශරීරගත වීමෙන් වන අලි 23ක්ද, මාර්ග අනතුරු සහ දියේ ගිලීම්වලින් වන අලි 02ක්ද, වගා ළිංවලට වැටීමෙන් වන අලි 05ක්ද සහ වෙනත් අනතුරුවලින් වන අලි 15ක්ද මියගොස් ඇති බව සඳහන්ය.
වැඩි වශයෙන් අලි – මිනිස් ගැටුම් සිදුව ඇත්තේ අනුරාධපුර වනජීවී කලාප ආසන්නයේ සහ නැගෙනහිර ප්‍රදේශයේ වනජීවී කලාප ආසන්නයේය.
නීති විරෝධීව කැලෑ එළිකරමින් සිදුකෙරෙන වගාකිරීම් නිසා වන අලි ගම්වැදීම වැඩිවී ඇති බවද හෙළිව ඇත.
ප්‍රේමලාල් විජේරත්න