ජනාධිපතිවරයා ධූරය හොබවන කාල පරාසය තුළ නීතිය ඉදිරියට කැඳවිය නොහැකි බවත්, ධූර කාලය අවසන් වූ පසුව ඕනෑම අධිකරණයක් හමුවට කැඳවිය හැකි බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කීය.Sri Lanka Latest News
අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා කියා සිටියේ වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා දමා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ බලය ජනාධිපතිවරයා සතු වන නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගත් යෝජනාවකින් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවකි.
ජුලි 17 පසු ජනාධිපතිවරණය පැවැත්වීමේ නිල නිවේදනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසන් සභාවට සිදුවනවා..
සැප්තැම්බර් 17 හා ඔක්තෝම්බර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. එය කල්දැමීමට ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට සිදුකරන්න බෑ…
ජනතාව තුළ මැතිවරණ පැවැත්වීම පිළිබඳව සැකයක් තබා ගත යුතු නෑ.. ඉර හඳ වගේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ඔක්තෝබර් 17 ට පෙර පැවැත්වෙනවා..
වත්මන් ආණ්ඩුව මැතිවරණවලට ඇති බිය නිසා නොයෙකුත් උපක්‍රම යොදා පසුගිය කාලය තුළ ක්‍රියාකළ ආකාරය ඉතා පැහැදිලිව දැකගන්න ලැබුණා… ප්රජාතන්ත්රවාදි රටක මැතිවරණ පැවැත්වීමට මුදල් සොයා ගැනීම අභියෝග සහගත බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටීම අද්විතීය දෙයක්..
ජනාධිපතිවරණය සඳහා වෙන්කළ මුදල හෝ ඉන් කොටසක් හෝ මහ මැතිවරණය සඳහා ලබාගන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ නම් වෙනම මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරගත යුතු බවත්,
ආණ්ඩුව හදිසියේ ගෙන එන මැතිවරණ නීති සංශෝධන නිසා මැතිවරණ කල් යැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතුවී තිබෙනවා. එය කෙසේ වුණත් ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්විය යුත්තේ පැවති ක්‍රමයට මිස යෝජිත ක්‍රමයට නොවෙයි. එයට හේතුව නම් සීමා නිර්ණය කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වීමයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනගත් තොරතුරු සති තුනක් යනතුරු ප්‍රකාශ නොකිරීම පුදුම සහගතයි. ජනාධිපතිවරයෙකු නීතිය ඉදිරියට කැඳවිය නොහැක්කේ එම ධූර කාලය තුළ පමණයි. එම ධූරය අවසන් වූ පසු ඕනෑම අධිකරණයක් හමුවේ කැඳවිය හැකියි