• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව බදු සතියක් ප්‍රකාශයට පත්කළා! ඒක හොඳයි! හැබැයි බදුවලින් විතරක් රටක් හදන්න බෑ! කෝ ආයෝජන? කෝ ඩොලර්? ජනාධිපතිතුමා රට රටවල සංචාරය කරනවා විතරයි! ආයෝජන නෑ! VIDEO I Sri Lanka Latest News

June 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,

‘‘පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ආණ්ඩුවේ තුනෙන් දෙක අහිමි වෙලා ලක්ෂ 23 කින් ආණ්ඩුවේ ඡන්ද අඩුවෙලා , ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය සියයට 43 කින් අඩු වුණා. ඒ වගේම සියයට 50 ක ප්‍රතිශතයක් නොගත්තත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින නිසා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ඇතැම් පිරිසක් ප්‍රකාශ කර තිබුණා. ආණ්ඩුවේ පිරිස් මේ බව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළත් පළාත් පාලන නීතිය අනුව එලෙස සිදුකිරීමට නොහැකි බව සමගි ජනබලවේගය දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම මැතිවරණ කොමිසන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ලංකාවේ පළාත් පාලන ආයතන 339 න් 161 ක පමණයි ආණ්ඩුවට බලය පිහිටුවන්න හැකියාව ලැබුණේ. ඒ අනුව පළාත් පාලන ආයතන 178 කටම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තමයි සභාපති , උපසභාපති , නගරාධිපති , උපනගරාධිපති තෝරා පත් කරගැනිමට සිදුවන්නේ. ආණ්ඩුවට බහුතරයක් නැති බව පළාත් පාලන ආයතන 339 න් 161 ක පමණක් ආණ්ඩුව බලය පිහිටුවිම හරහා පැහැදිලි වෙනවා. ඒ වගේම මාස 7 ක පමණ කාලයක් තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාවය පහළ ගොස් තිබෙනවා.

ඒ වගේම සෑම මාසයකම අවසානයේ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවෙනවා. නමුත් මේ මාසයේ තෙල් මිල සංශෝධනයක් සිදුවෙලා නෑ. ලෝක වෙලඳපොලේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 62 ක වගේ ප්‍රමාණයකට අඩුවෙලා තිබියදී ආණ්ඩුව තෙල් මිල අඩුකිරිමක් සිදුකරලා නෑ. නමුත් ඉන්ධනවලින් මැති ඇමැතිවරු නිලධාරින් විශාල කොමිසන් මුදලක් ලබාගන්නා බව බලය ලබාගැනිමට පෙර ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ වගේම මහ බැංකුවට තෙල් සංස්ථාව ණය ගෙවපු නිසා සෑම තෙල් ලිටරයකින්ම රුපියල් 50 ක් මහ බැංකුව අයකරගන්නා බවත් ජාතික ජනබලවේගය බලය ගැනිමට පෙර මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. ඒ වගේම මේ සියල්ල ඉවත් කරලා ඉන්ධන මිල අඩුකර මහජනතාවට සහන මිලට ඉන්ධන ලබාදෙන බව තමයි ආණ්ඩුව ප්‍රකාශ කළේ. කෙසේ නමුත් ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩුවි තිබියදී තෙල් මිල අඩු කිරිමට නොහැකි හේතුව ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව තෙල් මිල අඩු නොකිරිමෙන් පැහැදිලි වන්නේ වර්තමාන ආණ්ඩුවෙත් වංචා දූෂණ සිදුවන බවයි. එසේ නැතිනම් පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් ආණ්ඩුව ලබා නොදීම සම්බන්ධයෙන් ජනතාව සමඟ ආණ්ඩුවට තරහක් තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව ජනාධිපතිවරණයේදී , මහමැතිවරණයේදී පොරොන්දු වුණ ආකාරයට වැඩ කිරිම ආණ්ඩුවේ වගකිමක්.

ඒ වගේම විදුලි බිල සියයට 18 කින් වැඩි කිරිමට ආණ්ඩුව උත්සහ කරනවා. ඒ වගේම ඉන්ධන මිල අඩු වෙන්නේ නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු වෙන්නේ නෑ. ඒ වගේම ආහාරවල , අධ්‍යාපනයේ , සෞඛ්‍යයේ බදු අඩු කරන්න ආණ්ඩුව කටයුතු කරලා නෑ. කෙසේ නමුත් මේ දේවල් වලින් ජාතික ජනබලවේග ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව , නොහැකියාව තමයි මේ පෙන්වමින් සිටින්නේ. ඒ වගේම ජනාධිපතිවරයා රට භාර ගෙන මාස 8 කට වැඩියි. නමුත් කිසිදු ආයෝජනයක් රටට ගෙන ඒමට අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම එක රැකියා ව්‍යාපෘතියක් රටට ගෙන ඒමට ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ඒ නිසා ජනතාවගෙන් පලි ගැනිමේ වෛරි චේතනාවෙන් කටයුතු කරනවානම් ආණ්ඩුවට සිදුවන්නේ ජන අප්‍රියතාවයට පත් වීමටයි.

ඒ වගේම බදු සතියක් ආරම්භ වෙනවා. ඒක හොද දෙයක්. ඒ වගේම බදු දැල පුලුල් කිරිම සහ බදු නොගෙනවන පිරිසගෙන් බදු ලබාගැනිම හොද දෙයක්. නමුත් එය එක් කාරණයක් පමණයි. ඒ වගේම බදු අය කර ගැනිමේ සිමාවක් තිබෙනවා. ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න නම් රටට ආයෝජන ගෙන ආ යුතුයි. ආයෝජන ගෙනැවිත් ඩොලර් ආදායම වැඩි කර ගත යුතුයි. ඩොලර් ආදායම වැඩි කරගැනිම හරහා තමයි ණය බර අඩු කරගැනිමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් වන්නේ ඩොලර් ආදායම වැඩි කළොත් පමණයි.

ඒ වගේම ජනාධිපතිවරයා රටවල් ගණනාවක සංචාරය කළා. නමුත් ඒ කිසිදු රටකින් එක රුපියලක්වත් ලංකාවට ගෙන්න ජනාධිපතිවරයා අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හෙළි නොකළ ගිවිසුම් ගණනාවක් අත්සන් කරලා තිබෙනවා. ඒ කිසිදු ගිවිසුමකින් ලංකාවට ප්‍රතිලාභයක් ලැබිලා නෑ. නමුත් විදෙස් සංචාරවලදි ජනාධිපතිවරයා අපේ රටේ දේවල් ලබාදිම සිදුවෙමින් පවතිනවා. ඒ වගේම පසුගිය දවසක මාලිමාවේ මන්ත්‍රිවරියක් ප්‍රකාශ කර තිබුණා සයිනොපෙක් ආයෝජනය ලංකාව ගෙනාවේ ජාතික ජනබලවේග රජය යටතේ බව. සයිනොපෙක් ආයෝජනය ලංකාවට ගෙනාවේ පසුගිය ආණ්ඩුව සමයේ. ඒක සම්පුර්ණ අසත්‍ය කතාවක්. ඒ මන්ත්‍රිවරිය මෙවැනි අසත්‍ය දේවල් ප්‍රකාශ කරමින් ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත් කරනවා.

ඒ වගේම ආණ්ඩුවේ සිටින පුද්ගලයන්ගෙන් යමක් පිළිබඳව දැනිමක් තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. ඒ නිසා ජනාධිපතිවරයා අලුත් දේවල් ආරම්භ කරන්න බයයි. ඒ නිසා තිබෙන ආකාරයටම රට ඉදිරියට ගෙන යන්න තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. ඒ නිසා තමයි විපක්ෂයේ අපි ප්‍රකාශ කළේ ජාතික ජනබලවේගයට රටක් කිරිමට තරම් දැනුමක් නැති බව. ඒ වගේම එදා අපි කියලු දේවල් තමයි දැන් ජනාධිපතිවරයා කරමින් සිටින්නේ.

ඒ වගේම ආණ්ඩුවට බලය ලබාගැනිම සඳහා උදව් කළ මාධ්‍ය අද නියාමනය කිරිමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ත්‍රස්තවාදය වැලැක්විමේ පනත ඉවත් කරන බව ප්‍රකාශ කළා. ඒවගේම තවත් පනත් කිහිපයක් වෙනස්කරන බව කිව්වා. ඒ වගේම ආණ්ඩුව සිදුකරන බොරු අද මාධ්‍ය තුළින් පෙන්විම ඔවුන්ට දරා ගැනිමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම මේ වගේ ආණ්ඩුව මාධ්‍ය නියාමනය කිරිමට කටයුතු කරනවානම් එය වැරදියි. ඒ වගේම පුද්ගලිකව අපහාස අවලාද එල්ල කරනවානම් ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න නිතිමයක් තත්ත්වයක් තිබිය යුතුයි. ඒ වගේම දේශපාලඥ්‍යන් මැතිවරණවේදිකාවල , පාර්ලිමේන්තුවේ , මාධ්‍යහමුවල කියපු දේවල් නිති ගෙන එන්න නොහැකියි. එවැනි දේවල් කරන්න නිතියක් නෑ. කෙසේ නමුත් මාධ්‍යවල අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනි සිටිනවා.‘‘

SendShareShare
Previous Post

ප්‍රබල රටක තවත් නියෝජ්‍ය අගමැතිවරයෙක් හෙට ලංකාවට එනවා!  I Sri Lanka Latest News

Next Post

මහින්ද සිරිවර්ධන මුදල් ලේකම්කමින් යනවා කියලා ‘මව්රට’ කිව්වේ ගිය මාසෙ 4 වැනිදා! අද ජනාධිපතිතුමා ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා! I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.