ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා හෙට (03) දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.Sri Lanka Latest News
මෙම සංචාරයේදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසීමට නියමිත අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණිම පිළිගැනීම සඳහා ඔස්ට්‍රේලියන් හවුස් හිදී පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයේ ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍යවරිය වන හරිනි අමරසූරිය ද එක්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය මාසල් මහතා විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ද මෙම සංචාරයේ අරමුණ බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ද සහභාගී වීමට නියමිත බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.










