• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුගත කිරීමක් අවශ්‍යයි! එක ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් තුළ අඛණ්ඩව කටයුතු නොකළහොත් රටට යළිත් ආර්ථික අර්බුදයකට! ජනපති ෂැංග්‍රිලා හෝටලයේදී ආර්ථික සමුලුව අමතයි! PHOTOS I Sri Lanka Latest News

November 29, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුගත කිරීමක් අවශ්‍යයි! එක ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් තුළ අඛණ්ඩව කටයුතු නොකළහොත් රටට යළිත් ආර්ථික අර්බුදයකට! ජනපති ෂැංග්‍රිලා හෝටලයේදී ආර්ථික සමුලුව අමතයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ආර්ථිකයේ තිරසරභාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුගත කිරීමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. Sri Lanka Latest News

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ සියළුදෙනා කැපවී වැඩ කිරීම තුළින් බිඳ නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් කරා රට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ඊයේ (28) ආරම්භ කෙරුණු 2023 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්විණි.

පසුගිය වසරක කාලය තුළ ආණ්ඩුව සිදු කළ රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුගත කිරීම තුළින් මෙරට ආර්ථිකයේ යම් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවත් එය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා අප පසුගිය වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස හැඳින්විය හැකිද කියා මා දන්නේ නැහැ.ප්‍රතිසංස්කරණ යන වචනයේ අර්ථය දෙස බැලුවහොත් මීට සති කිහිපයකට පෙර අප ආර්ථිකයට සිදු කළේ ප්‍රතිසංස්කරණයක් නොවෙයි. එය සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීමක්, එසේ නැතිනම් රැඩිකල් ප්‍රතිව්‍යුහගත කිරීමක ආරම්භය කිවහොත් නිවැරදියි. අපට ආපසු හැරීමක් නෑ. අප මෙය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. දැන් අප වැඩකරන්න අවශ්‍යයි. අපට මෙම නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ වැඩ කිරීමට සිදු වෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සිදු කළ මෙම ගැඹුරු ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් තුළ සැළකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අප මේ වන විට සමත් වී සිටිනවා. අප පසුගිය මාස කිහිපය තුළ මෙරට සියලුම ණය හිමියන් සමඟ ඉතා හොද විශ්වාසයකින් යුතුව ඵලදායී සාකච්ඡාවල නිරත වුණා. ශ්‍රී ලංකාවට මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකි වූයේ එහි විනිවිදභාවය සහ මනා විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම නිසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දුන් පළමු බැංකුව චීන එක්සිම් බැංකුවයි. එසේම නිල ණය හිමියන්ගේ කමිටුවත් ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවයක් ඉතා ඉක්මනින් ලබාදෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙම දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙම සාකච්ඡාවලට ඇතුළත්ව තිබෙන්නේ අප රටක් ලෙස ඉදිරියේ දී ක්‍රියාත්මක කරන ආර්ථික මූලධර්මයි. අප එයින් ඉවත් වුවහොත් අපේ ණය හිමියන් ඊට විරුද්ධව ක්‍රියාත්මක වීමට පෙළඹෙනවා. ඒ අනුව අපට මේ ගිවිසුම් තුළ පවතින රාමුව ඇතුළත වැඩ කිරීමට සිදුවෙනවා. මොකද අපට මෙම දිගුකාලීන ගිවිසුම අහිමි වුවහොත් ඊළඟට බලයට පත්වන ආණ්ඩුව කවුරු වුවත් රටේ ආර්ථික කඩාවැටීම නැවැත්වීමට කිසිවෙකුට නොහැකි වෙනවා. ඒ නිසා අප මෙම ආර්ථික රාමුව තුළ කටයුතු කළයුතුයි. එය රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බව කිව යුතුයි. ඒ වගේම අප තරගකාරී ආ‍ර්ථිකයකට යා යුතුයි. ආර්ථික අර්බුදය පැවැති කාලයේ වේදිකා මත සිට විසඳුම් ගැන කතා කළ දේශපාලන නායකයින් ‍මෙම වැඩපිළිවෙළට එකඟ නැහැ. නමුත් ඔවුන් කිසිදු විසඳුමක් මේ වන විට ඉදිරිපත් කරලත් නැහැ. රටක් ලෙස හැමදාම බංකොළොත් වී සිටිය නොහැකියි. ඒ නිසා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අප තරඟකාරී වීමට අකමැති නිසා අපනයන ආර්ථිකයකට සූදානම් නැහැ. නමුත් අපට එලෙස ඉදිරියට යා නොහැකියි. අපට ලැබෙන අන්තිම අවස්ථාව මෙයයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් මෙම නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කළ යුතු වෙනවා. අප එයින් ඉවත් වුවහොත් තවත් වසර 10කින් නැවත මේ රට ආර්ථික අර්බුදයකට මුහුණදීම වැළැක්වීය නොහැකියි. අප කිසිවෙක් නැවත එම තත්ත්වයට යාමට කැමති නැහැ. එම නිසා ඔබ සියලුදෙනා ඉතා තරගකාරී විය යුතුයි. අප නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. එසේ නම් අප තරගකාරීත්වයට මුහුණ දෙමින් ඉදිරියටම යා යුතුයි.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා විසින් මෙහෙයවනු ලැබූ විද්වත් සාකච්ඡාවකටද එක්විය.

ඊට ඉන්දීය ක්‍රමසම්පාදන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති මොන්ටෙක් සිං අලුවාලියා (Montek Singh Ahluwalia) මහතා ද එක්විය.

එහිදී ජනාධිපතිවරයා වෙත යොමු කළ ප්‍රශ්න සහ ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ

ප්‍රශ්නය ජනාධිපතිතුමනි, බදු ප්‍රතිශතය18% දක්වා ඉහළ යනවා අප දැක්කා, විශේෂයෙන්ම සුරාබදු හා රේගු දෙපාර්තමේන්තුවල ඇතුළු සියලුම ආකාරයේ බදු පදනම පුළුල් කිරීම සඳහා දැනට තිබෙන සැලැස්ම කුමක්ද ?

පිළිතුර අප ඒ සම්බන්ධයෙන් දැනට කටයුතු කරගෙන යනවා. එසේම ආදායම් අධිකාරියක් පිහිටුවීමට අප පියවරගෙන තිබෙනවා. ඒ වගේම බදු පදනම පිළිබඳ නව නීති රැසක් ඉදිරි මාස කිහිපය තුළ ගෙන ඒමට අපේක්ෂා කරනවා. එක රැයකින් මෙම සමස්ත ක්‍රියාවලිය සිදු කළ නොහැකියි. මේ සඳහා වසර දෙක තුනක් අවශ්‍යයි. නමුත් අප මේ වන විට සැලකිය යුතු වෙනස්කම් සිදු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය යුගයේ මෙන්ම 1970 ගණන්වල මුල් භාගයේදීත් අපට දිස්ත්‍රික් ආදායම් නිලධාරියෙක් සිටියා. ආදායම් එකතු කිරීමේ වගකීම ඔවුන් භාරගත්තා. ඔවුන්ට සහායවීමට රජයේ නියෝජිතයෙක් සිටියා. ඔවුන් යම් ආදායම් එකතු කිරීමක් සිදුකළා. කෙසේ නමුත් දිස්ත්‍රික් ලේකම්වරයා මගින් මුදල් උපයා ගන්නා අන්දම සොයා බලනවා වෙනුවට මුදල් වියදම් කරන අන්දම විමසා බැලීමේ ක්‍රමවේදයක් අවසානයේ රටේ සකස් වුණා. ඒ නිසා බදු එකතු කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රාදේශීය ක්‍රමවේදයකට යාමට අපට සිදු වෙනවා. එය ඒකාබද්ධ කිරීමේ හෝ දිස්ත්‍රික් ආදායම් නිලධාරී යන ක්‍රමවේද වලින් එකකට සමාන විය හැකියි. එය සංකීර්ණ ක්‍රියාවලියක් වුවත් එය සිදුකළ හැකි කාර්යයක් බව මට විශ්වාසයි.

ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව මේ වන විට නිකුත්වී තිබෙනවා. පාලන ව්‍යුහය වැඩිදියුණු කිරීම එහි ප්‍රධාන නිරීක්ෂණ වලින් එකක් ලෙස පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය අංශයේ පාලන ව්‍යූහය වැඩි දියුණු කිරීමට රජය ගෙන ඇති පියවර මොනවාද?

පිළිතුර මේ වාර්තාව තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් අප එය සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කරනවා. මහාභාණ්ඩාගාර ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළ පරිදි එහි තාක්ෂණික වචන රැසක් තිබෙනවා. එවැනි වාර්තාවක් පරිවර්තනය කිරීමට යම් කාලයක් ගත වෙනවා.නමුත් මම හිතන්නේ අපට එය ලබන ජනවාරි මාසය වන විට ලබා දීමට හැකියාව ලැබේවි. ඒ වගේම එම වාර්තාවේ නිර්දේශ සහ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවක් පත් කරනවා. එය ඉතා විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් බව කිවයුතුයි. අප තවමත් භාවිතා කරන්නේ බ්‍රිතාන්‍ය යුගයේ සකස් කරන ලද ව්‍යුහයන්. එම නිසා මෙම සමස්ත නියාමන පද්ධතියම නැවත සකස් කිරීම පිළිබඳ අප අවධානය යොමු කළයුතුව තිබෙනවා. සත්‍ය ලෙසම එය නවීකරණය කළ යුතුයි. නමුත් ඒ සඳහා කෙටි කාලයක් ගත වෙනවා.

ප්‍රශ්නය මේ වන විට තායිලන්තය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එම සාකච්ඡාවලට අදාළව මේ වන විට ලබා ඇති ප්‍රගතිය කුමක්ද?

පිළිතුර අප මේ සම්බන්ධව සිංගප්පූරුව සමග යම් නිගමනයකට පැමිණ තිබෙනවා. මැලේසියාව අප සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කැමැත්ත පළ කර තිබෙන නිසා අප ඔවුන් සමඟත් සාකච්ඡා ආරම්භ කරනවා. ඒ වගේම අප කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත් වීමට ඉල්ලුම් කර තිබෙනවා. ඔවුන් අපට දැනුම් දී ඇත්තේ අපව මේ සඳහා සම්බන්ධකර ගැනීමට කැමති නමුත් ඒ සඳහා යම් ක්‍රියා පටිපාටියක් සකස් කර ගත යුතුව තිබෙනවා කියලා. ඒ වගේම දැනට ඔවුන්ට නව සාමාජිකයන් සම්බන්ධකර ගැනීම සඳහා ක්‍රමවේදයක් නැති බවත් දැනුම් දී තිබෙනවා. ඒ නිසා මෙම කටයුත්තට යම් කාලයක් ගතවේවි. අපට ඉන්දියාව සමඟ නැවත සාකච්ඡා ආරම්භ කළ හැකියි. නමුත් දැන් ඉන්දියාව අපට දැනුම් දී තිබෙනවා ඔවුන්ට ආයෝජන සහ වෙළෙඳාමට අදාළව වෙන වෙනම ගිවිසුම් අවශ්‍යයි කියා. දැන් අප වෙළෙඳාම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡා කරගෙන යනවා. එම සාකච්ඡා අවසන් වූ පසු අප බංග්ලාදේශයත් සමගත් සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා ඒ අතරම, RCEP සමගත් අප සාකච්ඡා කරනවා. චීනය අවුරුදු හතක් පුරා අපත් සමඟ සාකච්ඡා කළා. ඉතින් අපි දැන් එම ගිවිසුම් අත්සන් කරන්න පටන් ගෙන තිබෙනවා. මෙලෙස බලන විට අප ඉදිරි වසර පහක් හයක් ඇතුළත ලෝකයට විවෘත වෙනවා. නමුත් චීනය සම්බන්ධයෙන් අපට තව කාලයක් අවශ්‍යයි කියා අප ස්ථාවරයක සිටිනවා. ඒ වගේම යුරෝපා සංගමය, GSP+, සහ ඉන් ඉදිරියට යාමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම අප ඉදිරියේදී නැගෙනහිර සහ දකුණු අප්‍රිකා රටවල් සමගත් සාකච්ඡා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, හිටපු මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු සහ දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්, ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ සාමාජිකයන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය 2023-11-29

SendShareShare
Previous Post

බිලියන 700ක් රාජ්‍ය බැංකුවලට පොලු තියලා! පාර්ලිමේන්තුවේ ඉන්න ඇමැතිවරු මන්ත්‍රීවරුත් ඒ අතර ඉන්නවා! පොලු ලයිස්තුව රාජ්‍ය මුදල් කාරක සභාව ඉල්ලුවා! තවම මේ බැංකුවලින් ඒ ලයිස්තුව එවලා නෑ! එව්වොත් ගොඩක් මැතිඇමැතිලගෙ රෙදි ගැලවෙනවා! චම්පික පාර්ලිමේන්තුවේ කරපු මහා හෙළිදරව්ව! VIDEO I Sri Lanka Latest News

Next Post

හොරකම් ගැන කතා කරන ජවිපෙ ක්‍රිකට් ප්‍රශ්නය ඉස්සරහා පූස් පැටව් වගේ! හොරා අල්ලලා දුන්නාමත් මම දන්නෑ මොකද්ද කාරණය කියලා කිසිම කතාවක් නෑ! රංගනය හොඳට පේනවා! ඩීල් දාලද කියලා පේනවා! සබැඳියාව හොඳට පේනවා! විජිත හේරත් කියපු කතාවකට නම කියලම රොෂාන් රණසිංහ උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.