• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමකීර්තිගේ සින්දුවල අයිතිය ඉල්ලන ටී.එම්.ලාට එරෙහිව ප්‍රේමකීර්තිගේ පුතා සටන පටන් ගනී! Sri Lanka Latest News

February 28, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රේමකීර්තිගේ සින්දුවල අයිතිය ඉල්ලන ටී.එම්.ලාට එරෙහිව ප්‍රේමකීර්තිගේ පුතා සටන පටන් ගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගීතයක අයිතිය හිමිවිය යුත්තේ එය ගායනා කරන්නාට බව කියමින් පසුගිය කාලය පුරා විටින් විට විවිධ මත සමාජගත වුණා. ටී.එම්. ජයරත්න ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සඳහන් කළේ තමන් ගායනා කර ජනප්‍රියත්වයට පත් ගීත තමන්ගේ කිසිදු අවසරයකින් තොරව නවක ගායක ගායිකාවන් ගායනා කරමින් මුදල් උපයන බවත්, තමන්ට කිසිදු ගෙවීමක් ඔවුන් සිදු නොකරන බවයි. කෙසේ වෙතත් මෙරට අතිශය ජනාදරයට පත් ගීත සිය ගණනක් රචනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ කීර්ති ද අල්විස් මහතා එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරමින් සිය ෆේස්බුක් පිටුවේ මෙවන් සටහන් දෙකක් පසුගිය දින දෙකකදී තබා තිබුණා.

පෙබරවාරි 21 සටහන
‘ගීතයක අයිතිය ගායනය කරන කෙනාට ඕනේ කියලා ඉල්ලන මිනිස්සු, දහස් ගණන් ලක්ෂ ගණන් අරගෙන මගේ තාත්තාගේ ගීත ගයද්දි, මාස එකොළහක පොඩි දරුවෙක්ව ඉන්න කාලේ මගේ තාත්තා මැරුවට පස්සේ මට අද වෙනකන් එක පැන්සලක් අරන් දීපු එකෙක් නැහැ. හැබැයි උන් ඒ දවස්වල තාත්තාගෙන් සින්දු ලියාගන්න කට්ටක් කාගෙන පෝලිමේ හිටපු එවුන්.

පසු කාලෙක අපෙන් සල්ලි අරන් තමයි තාත්තා වෙනුවෙන් කරපු ගුණසමරු ප්‍රසංගවලට උන් ආවෙත්. අඩුම තරමේ තාත්තාගේ සින්දු කියලා ජීවත් වුණු එක ගායකයෙක් අම්මාගෙ මළගෙදර දවසේ කෝල් එකක්වත් දුන්නෙ නැහැ.

අලුත් පරපුරේ කලාකාරයො නිතරම මට කතා කරමින් මළගෙදර එන්න බැරි වුණත් ෆෝන් එකේ හරි ළඟින් හිටියා.
ෂෝවලට ගියාම නොම්මරේට ගහගත්තු ගායකයො රුපියලටම තම ගාස්තුව ගත්තා මිසක් තමන් ගයපු ගීතයේ පදරචකයාට ටොෆියක්වත් දුන්නද?
ඇත්තටම අලුත් පරපුරේ ගායන ශිල්පීන්ට මම සැලියුට් කරනවා. උන් හරියටම කොපිරයිට්ස්වලට ගෙවනවා. මොකද උන් හරියටම හම්බකරනවා. හරියටම ගෙවනවා. පරණ හණමිටි එවුන් ඊර්ෂ්‍යාව සමග වළලෙන්න හදනවා.

ගීතයක අයිතිය තිබිය යුතු පද රචකයා සහ සංගීත නිර්මාණ ශිල්පියා අතර පමණි. ගායකයාට එය අවැසි නම් සෑම ප්‍රසංගයකින්ම තමා අයකරන මුදලින් 30%ක් පද රචකයාට සහ සංගීත නිර්මාණ ශිල්පියාට ගෙවිය යුතුය.

මගේ සටහන එච්චරයි.
මට ගහන්න ආවොත් ලක්ෂ ගණන් වංචනිකව මුදල් හොයපු, හොයන සෙට් එකේම නම් එළියට දානවා.’

පෙබරවාරි 22 සටහන
‘ඉතින් හිතවතුනි ගීතයක අයිතිය ගැන මම මගේ පුද්ගලික අදහස ජනගත කළා. ඒක පිළිගැනීම හෝ නොපිළිගැනීම අදාළ අයගේ වැඩක්. මට තර්ජනය කිරීම ඒකට උත්තරය නෙවෙයි.

මම, මගේ තාත්තාගේ පද රචනාවලින් මුදල් හොයාගෙන ජීවත්වෙන මිනිහෙක් නෙමෙයි. තාත්තලාගේ ගීතවලින් යැපෙන දරුවො අතරේ මම මගේ ගමන තනිවම යන කෙනෙක්. එකෙක් දෙන්නෙක් හැර අනෙක් එවුන් සියල්ලෝම තාත්තලාගේ ගීතවලින් යැපෙද්දී අසනීප වුණාම රට වටෙන්ම ආධාර ඉල්ලද්දී මට මම තනිවම යන ගමන ගැන තියෙන්නේ මාර අභිමානයක්.

තාත්තාගේ පද ගයමින් කෝටි ගණන් දේපොළ මුදල් උපයාගත්තු එක ගායකයෙක්ගෙන්වත් මම රුපියලක්වත් ඉල්ලලා නැහැ. ඉල්ලුවත් උන් දෙන්නෙත් නැහැ. එහෙම තමයි ලංකාවේ ගීත රසිකයෝ නොදන්න සුන්දර හඬවල් තියෙන අසුන්දර කලාකාමී හදවත්වල හැටි.

අනේ හිතවත් මිනිසුනි. මේකත් අහගන්න. මට තාත්තාගේ දේවල්වලින් යැපෙන්න වුවමනාවක් නොමැත. පද රචකයකු වීමට ආසාවක්ද නැත. නිරපරාදේ මරාදැමූ මගේ තාත්තාගේ ජීවමාන අයිතිය වෙනුවෙන් පමණක් මම පෙනී සිටිමි.

තාත්තා ලියූ ගීතයක පද රචනා අයිතිය කවුරුන් හෝ ගායනවේදියෙකු, ගායනවේදිනියක ඉල්ලනවා නම් මෙච්චරයි මම කියන්නේ.
සංගීත නිර්මාණ ශිල්පියා කැමැති නම් ඒ තනුවට වෙන වචන ටිකක් දාගෙන ගයන්න.

නැත්තම් අවුරුදු 30කට වැඩි කාලයක් කර්තෘ භාග නොගෙවා හොර අස්සන් දාලා සල්ලි ගත්තු සෙට් එකම ලෑස්ති වෙලා ඉන්න.’

පූර්ණ කීර්ති ද අල්විස්

SendShareShare
Previous Post

40000ක් සෙනග එනවා! මාර්තු 8 කොළඹදී සටනක්! Sri Lanka Latest News

Next Post

ආනන්ද – නාලන්ද 96 වැනි සුලෝහිත ගැටුම ඇරැඹේ! Sri Lanka Latest News

MORE NEWS

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.