ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති මාර්තු 08 වැනිදා කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන දැවැන්ත රැස්වීම් දෙකක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටගත් ජාතික ජන බලවේගයත්, සමගි ජන බලවේගයත් සැලසුම් කොට ඇත.
ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණ විසින් කාන්තාවන් 30,000කට ආසන්න ප්‍රමාණයක් කොළඹට රැස්කරවා ඉතා උත්කර්ෂවත් අන්දමින් කාන්තා දින සැමරුමක් පැවැත්වීමට මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව දැනගන්නට ඇත.
මේ හරහා ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය රටට පෙන්වීමටත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා දැවැන්ත උත්තේජනයක් ලබාගැනීමටත් ජවිපෙ සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත.
ඒ අනුව සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තාවන් කොළඹට කැඳවීමට ජවිපෙ සිය ආසන සංවිධායකවරුන් වෙත උපදෙස් නිකුත් කර ඇති බවක් වාර්තා වේ.
මීට අමතරව සමගි ජන බලවේගයද එළඹෙන මැයි 08 වැනි දින ඉතා උත්කර්ෂවත් අන්දමින් කාන්තා දිනය සැමරීමට මේ වනවිට සියලු සැලසුම් සකස් කොට තිබේ.
ඒ අනුව, 10,000කට අධික කාන්තාවන් පිරිසක් කැඳවා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්වීමට එම පක්ෂය තීරණය කොට ඇත.
ඒ සමගම ඉදිරි මැතිවරණයක් ඉලක්ක කොටගෙන දීපව්‍යාප්තව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට සජබ නායකත්වය සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.










