96 වැනි වරට පැවැත්වෙන කොළඹ ආනන්ද – නාලන්ද ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය මෙවරද අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි. මෙවර ප්‍රධාන ක්‍රිකට් තරගය පෙබරවාරි 27, 28 සහ මාර්තු 01 දිනද, සීමිත ඕවර් 50 තරගය මාර්තු 07 වැනිදාද කොළඹ සිංහල සමාජ ක්‍රීඩාංගණයේදී (S.S.C) පැවැත්වෙනු ඇත.Sri Lanka Latest News
මෙම සීමිත තරගයේ විශේෂත්වය වන්නේ, එය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමය. BATTLE OF THE MAROONS ලෙසින්ද හඳුන්වනු ලබන මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගය, දිවයිනේ ප්‍රධානතම බොදු පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන පැරණිතම ක්‍රිකට් තරගයක් ලෙස සැලකෙයි.
මෙවර තරගය එළිදැක්වීමේ උත්සවය, පසුගියදා ඉතා උත්සවාකාරයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පවත්වන ලදී.
ප්‍රියන්ත හෙට්ටිගේ










