පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයක නිරතව සිටින ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලිසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.Sri Lanka Latest News
විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.
මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාගැනීම, උපාධිධාරීන් හට වයස් සීමා දමා රැකියා කප්පාදු කිරීම් නතර කරන ලෙසත් වන ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙනයි.
ඒ අනුව, අද (21) දින අයවැය සම්මත වන තුරු දවස පුරා එම ස්ථානය තුළ විරෝධතාවයේ නියැළී සිටින බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ.
එමෙන්ම මෙම විරෝධතාකරුවන් දින පහක් තිස්සේ අඛණ්ඩව මෙම ස්ථානය තුළ රැඳී සිටිමින් විරෝධතාවය දැක්වූ අතර, මෙම විරෝධතාව අද සවස අයවැය සම්මත වීමත් සමග අවසන් කිරීමට නියමිත බවත් සඳහන්.









