•ජනාධිපති නීතියටයි, ව්‍යවස්ථාවටයි උඩින් ගිහිල්ලා! •ඡන්ද තියන දිනය තීන්දු කරන්නේ ජනාධිපතිලු! •පාර්ලිමේන්තු ස්වෛරීභාවයත් විනාශ කරලා! •ඡන්දයට බාධා කරන සියලු දෙනාට වන්දි ගෙවන්නත් වෙනවා! •හිරේ යන්නත් වෙනවා! ඡන්දයක් තියෙද්දී මැතිවරණ කොමිෂන් පත්කරන්න බෑ! •එහෙම කරන්න ගියොත් අපි පරද්දනවා! •මුළු ජාත්‍යන්තරයම කියන්නේ ඡන්දය තියන්න කියලා!
ජනාධිපතිවරයා සර්වබලධාරියා වී මැතිවරණ අයිතිය උල්ලංඝනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වන වැදගත්ම ආයතනය ලෙස පළාත් පාලන ආයතනය හැඳින්විය හැකි බවත් මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවී එයද විධායකයේ හස්තයක්ව පවතින අවස්ථාවක පළාත් පාලන මැතිවරණය ද නොපැවැත්වීම මෙරට මූලික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විනාශ කිරීමක් ලෙස තමා දකින බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මැතිවරණය කල් දැමීමට සහ ජීවන වියදම ඉහළ දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවේ පැවැති විවාදය අතරතුරය.