ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ කටයුතුවල තවත් අදියරක් ඉදිරියට තබමින් මැතිවරණ කොමිසම විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබූ තැපැල් ඡන්ද පවත්වන දිනයන් කොමිසමේ සාමාජිකයන්ගේ අස්සන් සහිතව ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා වන නිල ලිපිය රජයේ මුද්‍රණාලයට ඊයේ (08) යවා තිබේ.
කොමිසමේ තීරණයට අනුව පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ මාර්තු 28 සිට 31 වැනිදා දක්වාය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය හෙට හෝ අනිද්දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.