මොණරාගල තණමල්විල බෝදාගම මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උලෙළේ දී 18න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.06ක් දක්ෂතාවයක් සමඟ ප්‍රථම ස්ථානය දිනා විශිෂ්ට දක්ෂතා දැක්වූ දෙනෙත් අනුහස් ක්‍රීඩකයාට මූල්‍ය අනුග්‍රහයක් දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
කුවේට්හි පැවැත්වෙන 2022 ආසියානු ශූරතා මලල ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගැනීම පිළිබඳ සිය ප්‍රශංසාව පළකළ විපක්ෂ නායකවරයා ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙන්ම ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ද අවශ්‍ය ශක්තිය ලබාදෙන බවට සහතික විය.















