• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් විනිසුරුගේ සිද්ධියට උතුර ඇවිස්සෙයි! සාධාරණය ඉල්ලා ‍යුක්තියේ දෙවඟන ඉදිරියේ මිනිස් දම්වැල් විරෝධයක්! Sri Lanka Latest News

October 6, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මුලතිව් විනිසුරුගේ සිද්ධියට උතුර ඇවිස්සෙයි! සාධාරණය ඉල්ලා ‍යුක්තියේ දෙවඟන ඉදිරියේ මිනිස් දම්වැල් විරෝධයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජීවිතය රැකගැනීම වෙනුවෙන් ධුරය හැරදමා රටින් පලා යෑමට සිදුවු මුලතිව් මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉටු කිරීමට ඔහුට තර්ජනය කළ අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් යාපනයේදී මිනිස් දම්වැලකින් විරෝධය දක්වා තිබේ. (Sri Lanka Latest News)

දෙමළ දේශපාලන පක්ෂ හතක සංවිධානත්වයෙන් ඔක්තෝබර් 4 වැනි බදාදා යාපනය මරදනාරුමඩම් සිට යාපනය නගරය දක්වා පෙළ ගැසුණු මිනිස් දම්වලට දේශපාලනඥයන්ට අමතරව නීතීඥයන්, ආගමික නායකයන්, සරසවි සිසුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාධරයන්ගේද සහාය හිමි වු බවයි පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ. 

මිනිස් දම්වැල් විරෝධයට එක්වු පිරිස කළු රෙදිකඩකින් දෑස් බැඳි නීතියේ දෙවගනගේ පිළිමයක් ඉදිරියේ යුක්තිය අයැද සිටින ආකාරයද මාධ්‍යවේදීන් විසින් වීඩියෝගත කර තිබේ. 

ඉදිරි දෙසතියක කාලයක් අධිකරණ කටයුතු වලට සහභාගී වන්නේ කළු මුඛවාඩම් බැඳ බවයි වවුනියා නීතිඥ සංගමයේ සභාපති ඇන්ටන් පුනිදනායගම් මුලතිව් අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ.

හින්දුන් මෙන්ම බෞද්ධයන් ද අයිතිය කියා පාන කුරුන්තුර්මලේ පුරා විද්‍යා භුමියේ අධිකරණ නියෝග නොකතා කුරුන්දි විහාරය ඉදිකිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාග කළ මුලතිව් දිසා සහ මහේස්ත්‍රාත් විනිසුරු ටී. සරවණරාජා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් පසුගියදා දැනුම් දී තිබුනේ තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජනය හේතුවෙන් අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බවයි.

“මා හට එල්ල වී ඇති ජීවිත තර්ජන සහ දැඩි ආතතිය හේතුවෙන්, මා හොබන දිසා විනිසුරු තනතුරින්, මහේස්ත්‍රාත් තනතුරින්, පවුල් අධිකරණ විනිසුරු තනතුරින්, ප්‍රාථමික අධිකරණ විනිසුරු තනතුරින්, සුලු හිමිකම් අධිකරණ විනිසුරු තනතුරින්, බාලක අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි.” 

විරෝධයට එක්වු හිටපු විනිසුරුවරයකු ද වන දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මුලතිව් දිසා සහ මහේස්ත්‍රාත් විනිසුරු ටී. සරවණරාජාට එල්ල වු තර්ජනයෙන් රටේ බහුතර ජාතීන්ගේ අරාජිකත්වය හෙළි වන බවයි. 

“විනිසුරුවරයාට එවැනි තර්ජන නිසා සුළු ජනතාවගේ නඩු වලදී ඔහුට සැබෑ විනිශ්චයන් ලබා දීමට නොහැකි වෙනවා. ඉතින් මෙවැනි තර්ජනවලින් හෙළිවන්නේ බහුතර ජාතීන්ගේ අරාජිකත්වයයි. මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලැබිය යුතු අයට දඩුවම් දිය යුතුයි.” 

මුලතිව් විනිසුරු ටී සරවනරාජාට පාර්ලිමේන්තුවේදී තර්ජනය කළ රියර් අද්මිරාල් සරත් වීරසේකර, විනිසුරු වරයාට රට හැර පලා යාමට මරණ තර්ජන හා නීතිපති දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවූ බවට පලවන තොරතුරු සම්බන්ධයෙන් සැක පහල කරමින් පරීක්ෂණ කඩිනම් කොට ඔහුගේ නියම තත්වය ප්‍රකාශ කරන ලෙස ඔක්තෝබර් 4 වැනි බදාදා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. 

“අපි කියන්නේ සම්පුර්ණයෙන් පුළුවන් තරම් ඉක්මනට මේ විමර්ශනය කරලා සත්‍ය හෙළි කරලා ඔහුගේ නියම ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්න කියලා.”

මිනිස් දම්වැල් විරෝධයට එක්වු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මාධ්‍යවේදින් හමුවේ කියා සිටියේ දෙමළ ජනතාවට යුක්තිය ඉටුවීමටනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් කවුන්සිලය ඉක්මවා ගිය ජාත්‍යන්තර මැදිහත්විමක් අවශ්‍ය බවයි.

“දෙමළ ජනතාවගේ ප්‍රශ්නය කොයිතරම් නරක විදියට දකිනවද කියන එක මේ සිද්ධියෙන් පේනවා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත් වී තීරණයක් ගත යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් කවුන්සිලයෙන් නොවේ, ඒවායින් වැඩක් නෑ. ඒ නිසා යම් ආකාරයකින් නිවැරදි තීන්දුවක් දීලා මේ රටට ඉදිරියේදීවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සාධාරණව කටයුතු කරන්න බලපෑම් කරන්න ඕන.” 

ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා දැඩිව අවධාරණය කර තිබුනේ ශ්‍රී ලංකාව කිසිදු මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් පැවැත්වීම හෝ එවැනි පරීක්ෂණයක දී අන්තර් ජාතික නිරීක්ෂකයන් සහභාගි වීම කර නොගන්නා බවයි. 

පොහොට්ටුවේ ආධාරයෙන් රටේ පාලකයා වීමට පෙර නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස සහ පාරදෘශ්‍ය පරීක්ෂණ ගැන කී කතා වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටී.

කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ ඉදිකර ඇති කුරුන්දි විහාරයේ වැඩ අත්හිටුවමින් දී ඇති නියෝග ආපසු හරවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විනිසුරු වරයාට බලපෑම් කළ බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි, තමිල් ඊළාම් විමුක්ති සංවිධානය, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය, ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජනතා සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය ඒකාබද්ධව ඔක්තෝබර් 4 වැනිදා යාපනයේ දියත් වු මිනිස් දම්වැල් විරෝධය සංවිධානය කර තිබුනි.  

theleader

SendShareShare
Previous Post

තවත් අනතුරක්! 22ක් ඉස්පිරිතාලේ! වාහන 3ක් කුඩු! Sri Lanka Latest News

Next Post

මේ සැරේ අයවැයෙන් හිතත තරම් සහන නෑ වගේ! මෙන්න මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියන කතාව! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.