මෙවර අයවැය එතරම් පහසු කොවන අභියෝගාත්මක එකක් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.Sri Lanka Latest News
අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ රජයද මේ වනවිට මහජනතාව පත්ව සිටින අසීරුතාව පිළිබද හදුනාගෙන ඇති බවයි.
එමෙන්ම මහජනතාවද රජය මුහුණ දී සිටින අභියෝග තේරුම්ගෙන කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පවසනවා.
2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් සොයා බැලීමට අයවැය කාර්යාලයක් පිහිටුවා තිබීම හේතුවෙන් නීත්‍යනුකූලවම ඒ පිළිබද අවධානය යොමු කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා පවසනවා.










