අලි සහිර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරාපත්කර ගැනීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම නිකුත් කර තිබේ. (Sri Lanka Latest News)
ඒ අනුව, නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සාහිර් මවුලානා මහතා මෙලෙස තෝරා පත්කරගෙන ඇත.
අලි සහීර් මවුලානා මහතා මඩකළපු දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස ලයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයාය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 06 වැනිදා තීන්දු කළේය.ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ මේ අනුවය.