ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය වුවහොත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකරන බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ සිදුකෙරෙන විමර්ශනවලට කිසිදු පාර්ශ්වයකින් මේ දක්වා බාධා එල්ලවී නොමැති බවය.
මේ අතර මෙම වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගතයුතු බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ කටයුතු ක්‍රමානුකූලව නිවැරදි වෙමින් පවතින බවය.










