තවත් වසර පහකින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය. (Sri Lanka Latest News)
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ කාරතිව් ශාඛා කාර්යාලයේදී පසුගිය 20 වැනිදා ඔහු මේ බව සඳහන් කළේය.
‘තව මාස දෙකකින් මගේ වයස අවුරුදු 60ක් වෙනවා. මම මගේ සියලු දේශපාලන කටයුතුවලින් වයස අවුරුදු 65දී විශ්‍රාම ගැනීමට තීරණය කොට තිබෙනවා.’ මන්ත්‍රීවරයා කීවේය.
‘මේ දිනවල ලඉංකෙයි තමිල් අරසු පක්ෂය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. විවිධ මත පළකරනවා. ඒ වගේම ප්‍රවෘත්තිත් පළවෙනවා. නමුත් මගේ විශ්වාසය නම් අපේ පක්ෂයට නව නායකයකු තෝරාගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම වඩා සාර්ථක බවයි.’
‘ඒ වගේම අපේ පක්ෂයේ නායකයා ඡන්දයකින් පත්වූ පසුව පක්ෂය තවත් ශක්තිමත් වනවාට කිසිම සැකයක් නැහැ. මේ ශක්තිමත්භාවය වඩාත් ශක්තිමත් කරගැනීම සඳහා පක්ෂයට නායකයකු තෝරාගැනීම සඳහා වසර දෙකකට වරක් ඡන්දයක් පැවැත්වීම සුදුසු බවට මම යෝජනා කරනවා.’
‘මාස දෙකකින් මට වයස අවුරුදු 60යි. මම අවුරුදු 65දී දේශපාලනයෙන් සමුගන්නවා. මගේ පූර්වගාමීන් කළ වැරැදි මම කවදාවත් කරන්නේ නැහැ.’ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
lankasara










