• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් හාල් ගේන්න කැබිනට් එක අනුමැතිය දීලා! හාල් ගේන්න දවස් 15ක් විතර යනවා! සීනිවලට කළා වගේ වරායේ හාල් නැවක් තියාගෙනද මේක කරන්න යන්නේ! මේ මොන අපරාධයක්ද? මහ කන්නයේ ගොයම් කැපෙද්දි රටින් හාල් ගෙනත් ‌අපේ ගොවියො ෆ්ලැට් කරන්නද යන්නේ! රතු කැකුළු 120ට ගන්න බැරි මනුස්සයාට 350ට කීරිසම්බා කවන්නද හදන්නේ! හර්ෂ ආණ්ඩුව ගහන්න යන ගේමක් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

December 21, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
අමුඩ ලේන්සුව-උදලු තලය-පොහොර-තේ දලු-රබර්-කොප්පරා-ඩීසල්-ගෑස්-පෙට්‍රල්-පෝෂණ ආහාර-දේශීය පොල් කිරි-යන්ත්‍රෝපකරණ-දුරකථන-ඉලෙක්ට්‍රොනික් උපකරණ-වෛද්‍ය උපකරණ-ලොරි-ට්‍රක්-ඇම්බියුලන්ස්! අලුතෙන්ම 18%ක් බදුගහන්න යන බඩු ලයිස්තුව හර්ෂ එළියට දමයි! ආණ්ඩුව කොළේ වහලා ගහන්න යන ගේමත් හෙළිකරයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයන කර පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීමට රජය උත්සාහ කරන්නේ මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද අදහස් දැක්විය.

මෙවර මහ කන්නයෙන් සහල් මෙට්ට්‍රික්ටොන් මිලියන දෙකක් ලැබීමට නියමිත බවත් රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මෙවර මහ කන්නයෙන් ලැබීමට නියමිත බවත් මෙවැනි තත්ත්වයක සහල් ආනයනය කළහොත් සහල් කිලෝවක මිල රුපියල් 100 ක් දක්වා පහළ බහින බවත් එවිට දේශිය ගොවියා අන්න අසරණ තත්ත්වයකට පත්වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

එමෙන්ම ආනයනය කරන සහල් වරායට පැමිණි පසු සයිලෝ තිබෙන සහල් ව්‍යාපාරිකයන් අඩු මිලට සහල් තොග මිලදීගෙන හැකි තරම් ගබඩා කර ගන්නා බවත් ඉන්පසු ඔවුන්ට අවශ්‍ය පරිදි මෙම සහල් වෙලඳ පොලට නිකුත් කරන බවත් ඒ හරහා සහල් ව්‍යාපාරිකයන් අති විශාල ලාභයක් උපයා ගන්නා බවත් මේ කටයුත්තෙන් සාමාන්‍ය ගොවියා දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ , සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මෙට්ට්‍රික් ටොන් 5000 ක උෂ්ණත්වයයි , තෙතමනයයි පාලනය කරන ගබඩාවේ ඉදිකිරිම් සති 4 කින් අවසන් කරන බවත් සති 4 ක් ඇතුළත ශක්ති සමුපාකාරය ආරම්භ කරන බවත් ඒ හරහා සහල් මාෆියාව මඩින්න කටයුත් කරන බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

‘‘කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 50,000 ක් රටින් ගේන්න කැබිනට් මණ්ඩල අනුමැතිය හමුවෙලා කියලා ආරංචි වෙනවා. සහල් ගේන්න අනුමැතිය ගත්ත පමණින් සහල් ගේන්න බෑ. සහල් ගේන්න දවස් 15 ක් 20 ක් යනවා. වරායේ සහල් නැවක් නැංගුරම්ලා තිබුණොත් උත්සව සමයේ සහල් ලබාදෙන්න පුලුවන්. වරායේ සහල් නැවක් නැංගුරම්ලා තිබෙනවාදැයි සැකයකුත් අපිට තිබෙනවා.

උතුරේ සහ නැගෙනහිර මහ කන්නයේ ගොයම් ටික ජනවාරි 15 විතර වනවිට කැපෙන්න පටන් ගන්නවා. උතුරේ සහ නැගෙනහිර ගොවියෝ වී අස්වැන්න ගන්න විට රජය පිටරටින් ආනයනය කළ සහල් වරායට ගොඩබානවා. මෙවර මහ කන්නයෙන් සහල් මෙට්ට්‍රික්ටොන් මිලියන දෙකක් ලැබීමට නියමිතයි. රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මෙවර මහ කන්නයෙන් ලැබෙනවා. මෙවැනි තත්ත්වයක රටින් සහල් ආනයනය කළොත් සහල් කිලෝවක මිල රුපියල් 100 ට බහිනවා. එහෙම වුනොත් ගොවියන්ට මොකක්ද සිද්ධ වෙන්නේ. ගොවියාට හෙන ගැහුවත් කමක් නැ කියලා පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීමට රජය ගන්නා උත්සාහයෙන් පෙනෙන්නේ මහ මැතිවරණයක් ලඟම එනවා කියන පණිවිඩයයි.

කීරි සම්බා කිලෝවක් රුපියල් 320 යි 340 යි. මේ සම්බන්ධයෙන් වැටලීම් කරනවද? වැටලීම් කරන්නේ නෑ. වෙළදුන්ට අවශ්‍ය මිලට සහල් අලෙවි කරන්න ඉඩ ලබා දෙනවා. රතු කැකුලු කිලෝවක් රුපියල් 180 ට ගන්න ජනතාව දගලනවා. මොන හේතුවකටද කීරි සම්බා 320 ට 340 ට විකුණන්නේ. ගොවියාව නැති කරලා ජනතාවට කීරි සම්බා කවන්නද මේ රජය උත්සහ කරන්නේ.

යහපාලන ආණ්ඩුවෙන් දිස්ත්‍රික්ක 8 ක කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් 300 ක් සහ ගොවියන් 10,000 එකතු කරලා සහල් සමුපාකාරයක් හැදුවා. ඒ හරහා ලබාගත් සහල් ශක්ති කියන වෙළඳ නාමය යටතේ සුපිරි වෙළඳසැල්වල පවා අලෙවි කළා. ඒ වැඩපිළිවෙල ගෝඨාභය සතියෙන් නැවැත්තුවා. වර්තමාන ආණ්ඩුව ජනවාරි පළමු වැනිදා සිට ගොවි මහත්තයාගේ උදැල්ලට , ට්‍රැක්ටරයට , පොහොරවලට වැට් බද්ද අය කරනවා. මේ තත්ත්වය තුළ සාමාන්‍ය ගොවියෙකුට ජිවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.

සහල් වරායට ගොඩබාපු ගමන් සයිලෝ තිබෙන සහල් ව්‍යාපාරිකයන් අඩු මිලට සහල් තොග මිලදීගෙන හැකි තරම් ගබඩා කර ගන්නවා. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය පරිදි මෙම සහල් වෙලඳ පොලට නිකුත් කරනවා. එහෙම කරලා ඒ සහල් ව්‍යාපාරිකයන් කෝටි ගණන් ලාභ උපයා ගන්නවා. මේ කටයුත්තෙන් සාමාන්‍ය ගොවියා දැඩි අසාධාරණයක් සිදුවෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් ශක්තිමත් කරලා ඒ හරහා ගොවියන්ට සාධාරණ මිලක් ලබාදෙන්න පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සහල් ලබාදෙන්න තිරසර විසදුමක් අවශ්‍ය වෙනවා. යහපාලන රජය සමයේ ඇතිකළ ශක්ති සහල් සමුපාකරය තමයි කුඩා සහ මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ට , ගොවියන්ට , පාරිභෝගිකයන්ට සාධරණක් ඉටු කළ පළමු වැඩපිළිවෙල.

උෂ්ණත්වයයි , තෙතමනයයි පාලනය කරපු ගොවියන්ගේ අවශ්‍යතාවයට හදපු ප්‍රථම මෙට්ට්‍රික් ටොන් 5000 ක ගබඩාව හදන කටයුත්ත ගෝඨාභය නැවැත්තුවා. පකිස්ථානයෙන් ගේන ලුණු ශිතකරණ දාලා පාරිභෝගිකයින්ට ලබාදෙනවා. ඒ හරහා දේශීය ලුණු ගොවියා ඉවරෙටම ඉවරයි. සමගි ජනබලවේග ආණ්ඩුවක් පැමිණි විගස මෙට්ට්‍රික් ටොන් 5000 ක උෂ්ණත්වයයි , තෙතමනයයි පාලනය කරන ගබඩාව සති 4 කින් හදලා ඉවර කරනවා. සති 4 ක් ඇතුළත ශක්ති සමුපාකාරය ආරම්භ කරනවා. ශක්ති සමුපාකාරය ඇති කරලා සහල් මාෆියාව මඩින්න කුඩා සහල් මෝල් හිමියන්ට සහ ගොවියන්ට අවස්ථාව ලබාදෙනවා.‘‘

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මාධ්‍ය හමුවේදී මෙසේ පැවැසීය.

‘‘රජය සහල් ආනයන කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාගේ ජීවන බර අඩු කිරීමටනම් අපි කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් අහනවා ගොවියාගේ වී වලට දිගටම සාධාරණ මිලක් ලබාදෙනවාද කියලා. ඒ වගේම සහල් ආනයනයෙන් ගොවීන්ට කිසිදු හානියක් නොවෙන්න ගෙන තිබෙන පියවර පිළිබඳ ගොවියන් දැනුම්වත් කිරීම රජය සතු වගකීමක්.

දේශිය කෘෂිකර්මාන්තය නගා සිටුවන බව කියපු පොහොට්ටු ආණ්ඩුව පොල් , බිත්තර පිටරටින් ගේන තැනකට රට වැටිලා තිබෙනවා. ශ්‍රී ලංකාවට බිත්තර , කුකුල් මස් අපනයනය කිරීමේ ශක්තිය තිබෙනවා. නමුත් වර්තමාන රජය අපනයනය සදහා තින්දු තීරණ ගන්නේ නැතිව ආනයනය සදහා තින්දු තිරණ ගැනීම කණගාටුවට කරුණක්.

රටේ බිත්තර , කුකුල් මස් මිල වැඩිවීමට හේතුව සත්ත්ව ආහාර පිළිබඳව තිබෙන ගැටලුව. අපේ රටේ නිෂ්පාදය මදි නිසා රටට අවශ්‍ය වෙලාවට බඩ ඉරිගු ආනයනය කරන්න ඕන. නමුත් අමාත්‍යංශය සිදුකරන්නේ සත්ත්ව ආහාර නිෂ්පාදකයන්න අවසර දෙන්නේ නැතිව පංචිකාවත්තේ වාහාන අමතරකොටස් ගේන මුදලාලිලාට අවසර දෙනවා බඩ ඉරිගු ගේන්න. ඒ හරහා නියමිත වෙලාට බඩ ඉරිගු ලැබෙන එක ප්‍රමාද වෙලා සත්ත්ව ආහාර නැතිවෙලා යනවා. ඒ අනුව බිත්තර කුකුල්මස් මිල ඉහළ යනවා. ඊට පස්සේ සිදුකරන්නේ ආහාර රටින් ආනයනය කරන එක. මේ සම්බන්ධයෙන් වෙළඳ ඇමැතිවරයාට කිසිදු වැඩපිළිවෙලක් නෑ.

රජය එකවරම ණය ගෙවීම පැහැර හැරීමෙන් රටට විශාල හානියක් සිදුවෙනවා. එකවරම ණය පැහැර හරින්නේ නැතිව ක්‍රමවත් වැඩපිළිවෙලකට යා යුතු බව විපක්ෂය රජයට දැනුම් දුන්නා. ණය පැහැර හැරපු රටවල් ලෝකයේ තිබෙනවා. ඒ රටවල් නැවත නගා සිටුවන්න අවුරුදු 2 ක් වත් ගතවෙලා තිබෙනවා. ණය ගෙවීමට නොහැකි බව කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම්වත් කරලා තිබුණ රටවල් මාස 8 කින් නැවත නැගිටලා තිබෙනවා. අපි කියපු වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් 2021 වනවිට රට යථා තත්ත්වයට පත්වෙලා තිබෙන්න තිබුණා. අවුරුද්දක් දෙකක් ගිහින් තවම රටට නැගිටින්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා කියන්නේ 2048 රට යථා තත්ත්වයට පත්වෙනවා කියලා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න තීන්දුව වැරදියි ඔහුගේ පාලන කාලය තුළ නෙවෙයි රට බංකොලොත් වුණේ ඊටත් කලින් කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා.
2015 2019 යහපාලන ආණ්ඩුව කාලයේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණා කියලා රටට කියන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සහ කරනවා. 2010 පසුව රටේ තිබුණේ කෘතිම ආර්ථික වර්ධන වේගයක්. එය නිෂ්පාදනය පදනම් ආර්ථික වර්ධන වේගයක් නෙවෙයි. ඒ ආර්ථික වර්ධන වේගය සිදුවී තිබෙන්නේ ඉදිකිරීම් මත පදනම්ව පමණයි. රටේ දළ දේශීය නිෂ්පාදනය පුම්බලා පෙන්නුවා. රටට අවශ්‍ය නැති ඩොලර් උපයන්නේ නැති අධිවේගි මාර්ග , ක්‍රිකට් ක්‍රිඩාංගන , සම්මන්ත්‍රණ ශාලා , කුළුණු හදලා චීනයෙන් ණය අරගෙන හැදුවා.

රාජපක්ෂලා යුද්දෙන් පස්සේ ගත්ත ණය ප්‍රමාණය වර්ධනය වෙලා අයි එස් බී ණය ප්‍රමාණය ගෙවන්න සිදුවන්නේ 2016 , 2017 , 2018 , 2019 කාලයේ. ඒ වෙලාවේ ණය ගෙවන්න රාජ්‍ය ආදායම මදියි. ඒකට හේතුව තමයි රාජපක්ෂ ආණ්ඩුව රටේ අපනයනයට ආයෝජනය කරලා තිබුණේ නෑ. ඒ නිසා යහපාලන ආණ්ඩුවට සිදුවුණා ණය අරගෙන රාජපක්ෂලා ගත්ත ණය ගෙවන්න. 2015 සිට 2019 දක්වා ගත්ත ණය ප්‍රමාණයෙන් සියයට 80 ක් ගිහින් තියෙන්නේ රාජපක්ෂලාගේ ණය පොලිය ගෙවන්න. 2019 දි රාජපක්ෂලාගේ ණය වෙනුවෙන් ඩොලර් බිලියන 5 ක් ගෙවලා තිබෙනවා.

රටේ තිබෙන අසීරු ආර්ථික තත්ත්වයට වගකිව යුත්තේ පොදුජන පෙරමුණ ඇතුළු සමාජවාදී කණ්ඩායම්. ඔවුන් අධිකරණ තීන්දුවටවත් හිස නමන්නේ නෑ. රටේ ජනතාව හිඟමනයට ඇදලා දාපු පිරිස රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ නැතිව පක්ෂ සම්මේලනය පවත්වනවා. සමගි ජනබලවේගය පොරොන්දු වුණා රට බංකොලොත් කරපු පිරිස නිතිය ඉදිරියට ගේනවා කියලා. අපි ඒ පොරොන්දුව ඉටු කළා. ඉදිරියටත් ජනතාව වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා. සමගි ජනබලවේගය පක්ෂයක් ලෙස ජනතාව සමඟ සම්බන්ධ වෙලා ආර්ථික ඝාතකයන්ගේ වැරදි තින්දු තීරණ නිසා අසරණ වුණ පුද්ගලයන්ට පුලුවන් නීතිපතිවරයා හරහා නඩු පවරන්න පුලුවන්. ඒ සඳහා නායකත්වය සමගි ජනබලවේගය ලබා දෙනවා.‘‘

Sri Lanka Latest News

SendShareShare
Previous Post

සජබ තීන්දුව අරන් ඉවරයි! අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත්! කබීර් මාධ්‍යයට ප්‍රකාශ කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හියුමන් ඉමියුනොග්ලොබලින් වංචාවේ මහමොළකරුවන් තවම අල්ලලා නෑ! හිටපු ඇමැති කෙහෙළියද? එයා ඉන්නේ කැබිනට් එකේද? ජාවාරම්කාර වළල්ල කව්ද? ඔක්කොම අත්අඩංගුවට ගන්නේ කවද්ද? ‌‌කෙහෙළිය ගැන අහද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියපු කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.