• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතලේ කෝටි හයේ මංකොල්ලයේ මහමොළකරු කුරුණෑගල හිමිනමක්! යුදහමුදාවේ හිටපු පස්දෙනෙකුගේ කල්ලියකුත් අල්ලයි! I Sri Lanka Latest News

December 2, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතලේ, ලග්ගල, හත්තොට අමුණ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිව‍ෙසකට පසුගිය නොවැම්බර් 10 වැනිදා කඩා වැදී ව්‍යාපාරිකයා සහ පවුලේ සාමාජිකයන් ගැට ගසා රුපියල් හය කෝටි විසිහත්ලක්ෂයක මැණික්, මුදල් සහ ස්වර්ණාභාරණ කොල්ලකා ඇත්තේ මාවතගම පිහිටි ඓතිහාසික රාජමහා විහාරයක වැඩසිටින හිමිනමකගේ සැලසුමකට සහ මෙහෙයවීමට අනුව යුද හමුදාවේ හිටපු සෙබළුන් පස්දෙනකුගෙන් සමන්විත කල්ලියක් බව හෙළි කර ගත් ලග්ගල පොලීසිය කොල්ලකෑ මුදල්, මැණික් ඇතුළු දේපොළවලින් කොටසක් ද සමඟ එම හිමිනම ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (30) වනවිට සමත්ව ඇත.Sri Lanka Latest News

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවේ හිටපු සෙබළුන් තිදෙනෙක් ද සිටින බව මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා පැවසීය. මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙස කොල්ලකෑමට රැගෙන ගිය ගිනි අවි දෙක සහ පිහි තුනක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබීය. එම ගිනි අවි දෙක සෙල්ලම් පිස්තෝල බව පොලීසිය කියයි. කොල්ලකරුවන් මේ කොල්ලය සිදු කිරීමට ගමන් කළ වෑන් රථය ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. එහි රියැදුරු ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටියි. මේ සැකකරුවන්ගෙන් හිමිනම ඇතුළු පස් දෙනකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම විහාරස්ථානයේ රැඳී සිටියදීය. පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී විහාරස්ථානයේ කාමරයක ඇඳක් යටත්, ලී ගොඩක් ඇතුළතත්, සිවිලිමක් ඇතුළතත් සැඟව ඇති බවත් පසුව දැඩි පරිශ්‍රමයක් යොදා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ සැකකාර හිමිනම වයස අවුරුදු 42ක් වන අයකු බව පොලීසිය සඳහන් කරයි. උන්වහන්සේ විහාරස්ථානයේ දෙවැනියා ලෙස කටයුතු කර ඇති බව ද පැවසේ. පොලීසිය උන්වහන්සේ සහ උන්වහන්සේගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිලිමක් අස්සේ සැඟව සිටියදීය.

පොලීසිය සඳහන් කරන්නේ කොල්ලයට ඍජුවම සම්බන්ධ හමුදාවේ හිටපු තවත් සෙබළුන් දෙදෙනෙක් ඇතුළු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ද එක් අයෙක් රඳවාගැනීමේ නියෝග ගෙන විමර්ශන පැවැත්වෙන බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාකොළ, කුරුණෑගල, මාවතගම, අනුරාධපුර සහ බළන්ගොඩ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි. මේ පිරිස මාවතගම විහාරස්ථානයේ හිමිනමගේ සමීප හිතවතුන් බවත්, මේ කොල්ලය සිදු කිරීමට පෙර කොල්ලකෑම් කිහිපයක්ම මේ කල්ලිය විසින් සිදු කර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

මේ කල්ලිය මුලින්ම කොල්ලකෑමට සැලසුම් කර තිබී ඇත්තේ ලග්ගල පිහිටි බැංකුවකි. ලග්ගල නගරයේ පිහිටි බැංකු තුනම පිහිටා ඇත්තේ නගරයේ පොලීසියට ආසන්නයේ බැවින් එම සැලසුම ව්‍යාර්ථ වීම හේතුවෙන් මැණික් ව්‍යාපාරිකයා කොල්ලකා ඇතැයි හෙළි වූ බවද පොලීසිය කියයි.

මාවතගම පිහිටි විහාරස්ථානයේ දේවාලයක් ඇති බවත්, එම දේවාලය හාස්කම් ඇති ස්ථානයක් බවට ප්‍රකට බවත් පොලීසිය කියයි. විල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය බිරියගේ අනියම් සම්බන්ධයක් බිඳ දැමීමට මේ විහාරස්ථානයේ දේවාලයේ පිහිට පැතීමට ගොස් ඇති බව පොලීසිය කියයි. අවස්ථා කිහිපයකදීම විහාරස්ථානයේ ඇති දේවාලයට ආගිය මේ පුද්ගලයා සමඟ සැකකාර හිමිනම කතාබහ කරමින් හිතවත් වී ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ. ලග්ගල නගරයේ ඇති බැංකුවක් කොල්ලකෑමට මේ හිමිනම සැලසුම් කර ඇත්තේ එම පුද්ගලයාගෙන් ගත් තොරතුරු අනුව බව ද අනාවරණයවී ඇත.

ඒ අනුව මේ හිමිනමගේ නායකත්වයෙන් හමුදාවේ හිටපු සෙබළුන් පස් දෙනාගේ කණ්ඩායම මුහුණු ආවරණ ද රැගෙන කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථයකින් පසුගිය නොවැම්බර් 06 වැනිදා ලග්ගලට ගොස් ඇත්තේ බැංකුවක් කොල්ලකෑමටය. ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මුල්කරගෙන එම කොල්ලය සිදු නොකර ආපසු මාවතගම බලා ගමන් කරන අතරතුර කණ්ඩායමේ සිටි හමුදා සෙබළෙකු ඔහුගේ මිතුරකුට දුරකතන ඇමතුමක්දී ඇති බව පොලීසිය කියයි. එම මිතුරා ලග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, අත්අඩංගුවට ගෙන සිටින අය අතර ඔහු ද සිටින බව පොලීසිය කියයි.

“ලග්ගල බැංකුව කොල්ලකන්න ආපු අය අහලා තියෙනවා, ලග්ගල මිතුරාගෙන් අහල තියෙනවා මේ පැත්තේ ගේමක් දෙන්න හොඳ තැනක් නැති ද කියලා. ඔය වෙලාවේ ඔය කියන මිතුරා තමයි මැණික් මුදලාලි ගැන කියලා තියෙන්නේ. දවසකට දෙකකට ඉස්සරින් එයා රුපියල් 5000ක් අතමාරුවට ගන්න මැණික් මුදලාලිගේ ගෙදර ගිහින් තියෙනවා. ඒ වෙලාවේ ඒ මිතුරා දැනගෙන තියෙනවා රුපියල් කෝටි 03ක් වටිනා මැණිකක් මුදලාලි ගාව තියෙනවා කියලා. ඒ තොරතුර ඔස්සේ තමයි 10 වෙනිදා ඇවිත් මේ කොල්ලය සිදු කර තියෙන්නේ” යැයි මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා සඳහන් කළේය.

ලග්ගල මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙස කොල්ලකෑම ද සැලසුම් කර ඇත්තේ මාවතගම විහාස්ථානයේ හිමිනම බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එම හිමිනම සමඟ කේ. ඩී. එච්. වෑන් රථයෙන් හමුදාවේ හිටපු සෙබළුන් 05දෙනා මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙස කොල්ලකෑමට හත්තොට අමුණ ප්‍රදේශයට පැමිණ ඇත්තේ පසුගිය 10 වැනිදා රාත්‍රී 8.30ට පමණය. මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙස ආසන්නයෙන් වෑන් රථයෙන් හමුදාවේ හිටපු පස් දෙනා බස්සවා ඇති හිමිනම වෑන් රථයේ රියැදුරු සමඟ විහාරස්ථානයට ගොස් ඇත්තේ සාර්ථකව මංකොල්ලය සිදු කර විහාරස්ථානයට පැමිණෙන ලෙස ආශීර්වාද පවා සිදු කරමිනි.

වෑන් රථය එම ස්ථානයෙන් පිටව ගිය පසු ව්‍යාපාරිකයාගේ නිවෙස ආසන්නයට පා ගමනින් ගොස් ඇති හමුදාවේ හිටපු සෙබළුන් 05 දෙනා මුහුණු ආවාරණ පැලඳ අත් ආවරණ ද දමාගෙන ගෙවත්තට ඇතුළු වී ඇත්තේ තාප්පයෙන් පැනගෙනය. එහිදී මුලින්ම ඔවුන්ගේ ග්‍රහණයට නතු වී ඇත්තේ මැණික් ව්‍යාපාරිකයා බව පොලීසිය සඳහන් කරයි. ඔහුගේ හිසට සෙල්ලම් පිස්තෝලය තබා බියගන්වා ගැටගසා නිවෙසට ගොස් ඇති කොල්ලකරුවන් අනතුරුව ඔහුගේ බිරිය හා පියා ද ගැටගසා නිවෙස පීරමින් මැණික් හා වටිනා කියන දෑ සොයා ඇත. එහිදී කාමරයේ අල්මාරියක තිබූ සිංහ රුව සහිත මැටියෙන් නිම කළ විශාල කැටයක් තිබු මුදල් ද ඔවුන් රැගෙන ඇත. එම කැටයට කාලයක් තිස්සේ රුපියල් 5000 හා 1000 නෝට්ටු දමමින් එකතු කර ඇත. ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත්තේ එම කැටයේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් තිබූ බවයි. කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ඊට වඩා අඩු මුදලක් එහි තිබූ බවයි. අල්මාරිවල තිබු මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමෙන් පසු සේප්පුවේ තිබුණු මැණික් ගල ගැනීමට ව්‍යාපාරිකයාට පහරදෙමින් සේප්පුව විවෘත කර ගැනීමට උත්සාහ දරා ඇතැයි පොලීසිය කියයි. ව්‍යාපාරිකයා සේප්පුව විවෘත කිරීමට රහස් අංකය නොදීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ බිරිය බියගන්වා රහස් අංකය ගෙන සේප්පුවේ තිබු කෝටි එක හමාරක් පමණ වටිනා මැණික් ගල සමඟ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා තමත් මැණික් ගලක් ද කොල්ලා පලා ගොස් ඇත්තේ ව්‍යාපාරිකයා ඇතුළු පිරිස නිවෙසේ සිර කර දොරගුළු ලා නිවෙසේ යතුර ද රැගෙනය. මෙහිදී කොල්ලකරුවන් නිවෙසේ ආරක්ෂක කැමරාවල දත්ත පද්ධතිය පවා රැගෙන ගොස් ඇති අතර, පලා ගොස් ඇත්තේ ද ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයේ නැඟීය. බකමූණ හරහා ගලේවෙලට පැමිණ ඇති කොල්ලකරුවන් මෝටර් රථය ගලේවෙල ප්‍රදේශයේ අතහැර දමා මාවතගම විහාරස්ථානයට නැවත එකතු වී ඇත්තේ බස් රථවල තනි තනිව නැඟී ගොස් බව පොලීසිය කියයි.

කොල්ලකෑ මුදල් බෙදාගෙන ඇත්තේ විහාරස්ථානයේදී බවත්, රුපියල් කෝටි එක හමාරක් වටිනා මැණික් ගල අලෙවි කරගැනීමට ගැණුම්කරුවෙක් සොයා ගැනීමට පවා මේ අයට එතරම් පහසුවී නැති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ. රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනාකමක් ඇති මැණික් ගල බළන්ගොඩ පුද්ගලයකුට අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බවත්, එය ව්‍යාර්ථ වූ තැන මීගමුවේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 09කට අලෙවි කර ඇති බවත් අනාවරණයවී තිබේ. එම මැණික් ගල පොලීසිය විසින් මීගමුවේ පුද්ගලයා සතුව තිබී සොයාගෙන ඇත.

රුපියල් කෝටි එක හමාරක් වටිනා මැණික් ගල අලෙවි කිරීමට පුද්ගලයකු නොමැති වූ තැන බේරුවල තැරැව්කරුවෙක් මඟින් ගාල්ලේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 78කට මැණික් ගල අලෙවි කර තිබේ. එම මැණික් ගල මිලදී ගත් පුද්ගලයා එය කොටස් හතරකට කපා ඔපමට්ටම් කර තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

කොල්ලකෑ මුදල් බෙදී ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ 07 බැගිනි. ඒ අනුව හිමිනමටත් රුපියල් ලක්ෂ 07ක මුදලක් ලැබී ඇත. කොල්ලයට සම්බන්ධ හමුදාවේ හිටපු සාමාජිකයන් පස් දෙනා අතරත් වෑන් රථ රියැදුරටත් රුපියල් ලක්ෂ 7 බැගින් බෙදී ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. ඊට අමතරව බැංකුව කොල්ලකෑමට තොරතුරු දුන් සහ මැණික් ව්‍යාපාරිකයා ගැන තොරතුරු දුන් දෙදෙනාටත් රුපියල් 50,000 බැගින් මුදලක් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

වෑන් රථයේ රියදුරුට එම වෑන් රථය අයත් බවත් ඔහු තමාට ලද රුපියල් ලක්ෂ 07න් රුපියල් ලක්ෂ 03කට ආසන්න මුදලක් වැයකර සිය නිවෙසට තිර රෙදි දමා ඇති බවත් තවත් මුදලක් වැයකර නිවෙසේ බිම කොන්ක්‍රීට් කර ඇති බවත් පොලීසිය කියයි.

මැණික් ගල් දෙක විකිණීමට සම්බන්ධ වී ඇත්තේ මේ අතරින් තිදෙනෙකි. ඒ අයට වැඩි මුදලක් බෙදී ගොස් ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ. හමුදාවේ සිටි එක් කොල්ලකරුවකු තමා ලබාගත් රුපියල් ලක්ෂ 17ක පමණ ණය මුදලක් ඒ තුළින් ගෙවා දමා ඇති බවත් ඔහුට රුපියල් ලක්ෂ 22ක මුදලක් ලැබී තිබී ඇති බවත් පොලීසිය සඳහන් කරයි. කොල්ලකෑ මුදල් හා මැණික් විකුණා ලබාගත් මුදල් මේ ආකාරයට විවිධ කටයුතු සඳහා සැකකරුවන් වැයකර ඇතත් එයින් රුපියල් විසි ලක්ෂ දහසයදහස් දෙසිය පනහක මුදලක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ උපදෙස් මත ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පද්මරාජ් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ මහතා උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා පොලිස් සැරයන්වරුන් වන (14751) කුමාරසිංහ, (21662) රංජිත්, (39203) චමින්ද, (67302) රිබේරා, (44868) සෝමරත්න පොලිස් කොස්තාපල්වරුන් වන (87184) රාජපක්ෂ, (82288) අමිත්, (83098) වීරකෝන් හා විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් (79500) ජයන්ත හා පොලිස් කොස්තාපල් (79755) ජයන්ත යන අය විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

දිනමිණ

SendShareShare
Previous Post

බාල බෙහෙත් වංචාව පළමුවරට රටට හෙළිකරලා කෙහෙළියව හිරේ යවන්න පාර කපපු දොස්තර චමල් සංජීවගෙන් තවත් බරපතළ හෙළිදරව්වක්! වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතියට අනුව අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ඉදිරියේ ‘0’ සලකුණු වෙලා! රෝගීන් කිහිප දෙනෙකු දැනටමත් මියගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

දැන් රනිල්ට අවුරුදු 75යි! කාටත් හොරෙන් රනිල් පක්ෂ ව්‍යවස්ථාවෙන් තවත් අවුරුදු 6කට UNP නායකත්වය දික්කරගෙන! ඒ අවුරුදු 6 යද්දී රනිල්ගේ වයස 81යි! මේ මාසෙ ඉවර වෙද්දි පක්ෂයේ සියලු තනතුරුත් හිස්වෙනවා! අලුතින් පත්කිරීමේ බලයත් රනිල් අතට අරගෙන! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.