එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සියලු දෙනාටම හොරරහසේ සිය නායකත්වය තවත් වසර 6ක් දක්වා දීර්ඝ කොට ගෙන ඇති බව අනාවරණය වේ.Sri Lanka Latest News
ඒ අනුව අවසන් වරට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති පක්ෂ සමුලුවේදී කිසිවකුත් දැනුවත් නොකොට රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසර 6ක් සදහා සිය නායකත්වය දීර්ඝ කරන වගන්තියක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කොට සම්මත කරගැනීමට පියවර ගෙන ඇත.
එමෙන්ම සම්මත කරගත් ව්‍යවස්ථාවට අනුව දෙසැම්බර් මස අවසන් වනවිට පක්ෂයේ සියලු තනතුරු හිස් වීමටද නියමිතය.
ඒ අනුව අදාළ තනතුරුවලට නව පුද්ගලයන් පත් කිරීමේ බලයද වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට වික්‍රමසිංහ මහතාගේ වයස අවුරුදු 75කි.










