කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එහි සභාපතිනි විශ්‍රාමික ශ්‍රේඨාධිකරණ විනිසුරු රොහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළේ, සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත මානව හිමිකම් කොමිසමේ නියොජිතයින් පිරිසක් ගිය බවයි.
අදාල කණ්ඩායම ලබා දෙන වාර්තාව අනුව සිදුවිම සම්බණයෙන් පූර්ණ ස්වාධීන විමර්ශනයක් පවත්වන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සඳහන් කළේ ය.