ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් සමගි ජන බලවේගයේ නැතැයි කී මහලේකම්වරයා, සජබෙ දැන් බදුගෙන සිටින ගොඩහේවලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද, නැතිනම් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද කියා තීරණය කරන්නැයි ඉල්ලා සිටින බවද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව කීය.
රංගේ බණ්ඩාර මහතාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කබීර් හෂීම් මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බවකි.
සමගි ජන බලවේගය සමග සුපුරුදු පරිදි තමා දේශපාලනය කරමින් සිටින බවත්, සජබයේ සිට එජාපයට යෑමට තමන්ට කිසිදු වුවමනාවක් නොමැති බවත් එහිදී කබීර් හෂීම් මහතා සඳහන් කොට ඇත.









