• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිවිල් ඇඳුමින් හිටියා කියලා පොලිස් නිලධාරියෙක් කරන ක්‍රියාවකින් බැහැර වෙන්න රජයට බෑ! ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දෙයි! වන්දි ගෙවන්නත් කියයි! I Sri Lanka Latest News

December 17, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News

කටුනායක පොලිසියේ නිලධාරියකු තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන් හිංසාවට ලක් කළ බව සඳහන් කරමින් වාගොව්ව ප්‍රදේශයේ පදිංචි අලුවිහාරගේ ටයිටස් කුමාර සහ පිංගමගේ ජයසෝම යන අය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව අවධාරණය කළේය.

ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2019 වසරේ පෙබරවාරි මස 10 වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල රිය අනතුරක් සිදුවී ඇති අයුරු තමන් දුටු බවයි.

එම ස්ථානය අසලට යන අවස්ථාවේදී වැටී සිටි පුද්ගලයෙකු “වෙඩි තියන්න එපා” යනුවෙන් කෑ ගසනු තමන්ට ඇසුනු බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

එම ස්ථානයට ගිය විට සිවිල් ඇඳුමින් සැරසී පුද්ගලයකු සිටි බවත් මෙම පුද්ගලයා පොලිස් නිලධාරිකු වශයෙන් තමන් හඳුනාගත් බවත් ඔවුහූ සඳහන් කරති.

එම පුද්ගලයා මෙම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු වශයෙන් නම්කර සිටින කටුනායක පොලිසියේ සේවය කළ ප්‍රියන්ත බණ්ඩාර අතපත්තු නැමැති කොස්තාපල්වරයා බවත් ඔවුහූ සදහන් කළහ.

අනතුරුව මේ පිළිබඳ විමසූ විට එම වගඋත්තරකරු තම ගිනි අවියෙන් පහර දීම නිසා පළමුවන පෙත්සම්කාර ටයිටස් කුමාර නැමැත්තා බිම ඇද වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හිසේ පිටුපස කොටසේ සහ තොල් වලට තුවාල සිදුවී තිබේ.

අනෙක් පුද්ගලයාට ද මේ වග උත්තරකරු විසින් පහරදී ඇති අතර මෙම පහරදීම් හේතුවෙන් මෙම පෙත්සම්කරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇත.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුහු නීතීඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

මෙම පෙත්සම ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගන්නා ලදී.

පෙත්සම්කරුවන්ට වන්දි ගෙවිය යුතු බවට නියෝග

නඩු විභාගය පැවති අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම ක්‍රියාව සිදුවන අවස්ථාවේදී පළමුවන වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා සිවිල් ඇඳුමින් සැරසී සිටි බවත් එම නිසා ඔහු පොලිස් නිලධාරියකු වශයෙන් පෙත්සම්කරුවන් හඳුනාගත්තේ කෙසේද? යන බරපතල සැකයක් මතුවන බව යි.

එම නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටි මේ පුද්ගලයා සිදු කළ ක්‍රියාවේ වගකීම රජයට දැරිය නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.

එහෙත් සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ “රජයේ නීතිඥවරිය විසින් මතු කළ තර්කය අධිකරණය බැහැර කරනවා. පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ සෑම පොලිස් නිලධාරියෙකුම සෑම විටම රාජකාරියේ යෙදී සිටින පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බව සඳහන්ව තිබෙනවා. එමෙන්ම ඔහු විසින් භාවිත කළ ගිනි අවිය කටුනායක පොලිසිය විසින් නිකුත් කළ ගිනි අවියක් බවටත් කරුණු ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව තමන් පොලිස් නිලධාරියකු බව ඔහු පෙත්සම්කරුවන්ට සඳහන් කර තිබෙනවා. ඔහුගේ හැඳුනුම්පතත් පෙන්වා තිබෙනවා. එම නිසා පෙත්සම්කරුවන් මෙම වග උත්තරකරු පොලිස් නිලධාරියෙකු ලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කිසිදු සැකයක් මතු වෙන්නේ නැහැ. මෙම පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තාව පිරික්සීමේදී ඔවුන් පහරදීම නිසා තුවාල වලට ලක්වී තිබෙන බව පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා තමන් වෙත පැවරී තිබෙන බලය අවභාවිතා කර තිබෙන බව පැහැදිලියි. ඒ නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටියත් ඔහු කළ ක්‍රියාවේ වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි. පළමු වන වගඋත්තරකරු මේ වන විට පොලිස් සේවයෙන් ඉවත්ව විදේශගතව සිටින බවට විභාගයේදී කරුණු අනාවරණය වුණා.එහෙත් ඔහු කළ ක්‍රියාව සම්බන්ධයෙන් රජය වගකීමට බැඳී සිටියි” යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙම පෙත්සම්කරුවන්ට සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් ඔවුන්ට රුපියල් 10000/- බැගින් වන්දි ගෙවිය යුතු බවටත් නියෝග කළේය.

එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.

SendShareShare
Previous Post

විද්දට පස්සේ සංකූලතා! වමනයට-ක්ලාන්තයට ඉන්දියාවෙන් ගෙනා ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ බෙහෙත නවත්වයි! බෙහෙත හදන ‘මාන් ෆාමසියුටිකල්’ සමාගමේ සියලුම එන්නත් වර්ග තාවකාලිකව තහනම් කරයි! I Sri Lanka Latest News

Next Post

කකුලට වෙඩිත් වැදිලා! ඒ මදිවාට පන්දම් අරන් ඇවිත් පුච්චලා! අලියා මැරිලා! මුන් මිනිස්සු නෙමෙයි…? Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.