මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වන අලියාට කිසියම් පිරිසක් ඉකුත්දා රාත්‍රියක ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය විය.
මෙම වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිලිස්සීමට ලක්ව ඇති බවට සැක කරන බවද වනජීවී නිලධාරියෙක් මෙහිදී පැවසීය.
වනජීවී අංශ නිලධාරීන් පශු වෛද්‍ය කණ්ඩායම් එක්ව වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම අලියා මෙලෙස ජීවිතක්ෂයට පත්විය.
අසාධ්‍ය තත්ත්වය තත්ත්වයේ ගිලන්ව සිටි මෙම වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබූ බවද වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මෙහිදී සදහන් කළේය.










