අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සමගි වනිතා බලවේගය නියෝජන කරමින් නීතිඥ ලිහින ප්‍රනාන්දු මහත්මිය සහභාගි වූ අතර ඇය මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පළ කළාය.Sri Lanka Latest News
‘‘බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස් සීමාව 16 සිට 14 දක්වා අඩු කරමින් 2024 පෙබරවාරි 8 වැනිදා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තිබුණා.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 27 වන පරිච්ඡේදයේ 13 වන වගන්තියේ සඳහන් වෙනවා ‘‘ළමයින් සහ යෞවනයන් කායික වශයෙන් , මානසික වශයෙන් , සදාචාරාත්මක වශයෙන් , ආගමික වශයෙන් සහ සමාජිය වශයෙන් පුර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත් ඔවුන් ආත්මාර්ථය පිණිස යොදාගනු ලැබීමෙන් සහ වෙනස්කම් වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ සුබ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ යුතුයි.‘‘
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 27 වන පරිච්ඡේදයේ 13 වන වගන්තියේ රජයේ වගකීමක් ලෙස පැහැදිලිව සඳහන් වෙනවා ලමයි සහ දරුවන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව. එවැනි අවස්ථාවක පසුගිය දිනයක දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදයේ 363 සහ 364 වගන්ති සංශෝධනය කරමින් 2024 පෙබරවාරි 8 වැනිදා ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරනවා.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය අනුව දරුවන් ලිංගික වශයෙන් එක්වීමේ වයස 16 සීමාවට තමයි නීති සම්පාදනය කරලා තිබුණේ. නමුත් අලුත් ගැසට් පත්‍රයෙන් දරුවන් ලිංගික වශයෙන් එක්වීමේ වයස 16 සිට 14 දක්වා අඩු කරලා තිබෙනවා. ඒ වගේම වින්දිතයාගේ වයස අවුරුදු 14 ට අඩු කර ඇති අතර එවැනි වරදක් සිදුකරන අවස්ථාවේ වයස අවුරුදු 22 හෝ ඊට අඩු නම් ඔහුට එරෙහිව තිබෙන දඩුවම් ලිහිල් කරලා තිබෙනවා. වරදකරු සහ වින්දිතයා අතර සමීප සම්බන්ධයක් ඇති බව අධිකරණය හැගි ගියහොත් වරදකරු වු පසු වසර 10 කට අඩු කාලයක සිරදඩුවම් නියම කරන බවද සඳහන් වෙනවා.
මේ වනවිට රටේ ස්ත්‍රී දූෂණ , ළමා දූෂණ වැඩිවෙලා තිබෙනවා.
2022 වසරේ දී ස්ත්‍රී දුෂණ පැමිණිලි 1391 කින් දඩුවම් කරලා තිබෙන්නේ 4 දෙනෙකුට පමණයි. පොලිසියට සිද්ධීන් 256 වාර්තා වෙලා තිබෙනවා ඒවායින් පොලිසියට පැමිණිලි කරලා තිබෙන්නේ 30 ට පමණයි. මෙවැනි තත්ත්යක් තිබෙන අවස්ථාවක දරුවන් ලිංගික වශයෙන් එක්වීමේ වයස 16 සිට 14 දක්වා අඩු කිරිම කොපමණ සෝචනිය කරුණක්ද. කාගේ අරමුණකට මෙවැනි නීති ගෙන එනවාද කියන ප්රශ්නය මතුවෙනවා. ලංකාවේ දරුවන්ව ආරක්ෂා කිරිම ආණ්ඩුවේ ප්රමුණ වගකීමක්. එම වගකීම රජය පැහැර හැරලා දරුවන් ලිංගික වශයෙන් එක්වීමේ වයස 16 සිට 14 දක්වා අඩු කිරිම දරුවන්ගේ ජිවිතවලට විශාල හානියක් සිදුවෙනවාද? මෙවැනි පසුබිමක මෙවැනි නිති ගේන පුද්ගලයන්ට රටේ තිබෙන ගැටලු ගැන කිසිදු දැනුමක් නෑ.
ජාතික ජනබලවේගය කියනවා රටේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා. එවැනි අදහස් ප්‍රකාශ කරන මොහොතක ආණ්ඩුව දරුවන් ලිංගික වශයෙන් එක්වීමේ වයස 16 සිට 14 දක්වා අඩු කිරිම සඳහා පනත් ගේනවා. මේක ආණ්ඩුව සහ ජාතික ජනබලවේගය අතර තිබෙන ඩීල් එකක් ද කියන සැකය අපට මතුවෙනවා.
දරුවන් සම්බන්ධයෙන් රටේ තිබෙන නීති ප්‍රමාණවත් නෑ.
දරුවන් රැක ගැනීමට තිබෙන ජාත්‍යන්තර නීති ලංකාව පිළිගත්තත් එය මහපොළොවේ යථාර්ථකයක් වෙලා නෑ. දරුවන් ආර්ක්ෂා කිරිමට නීතිය ක්‍රියත්මක කරන පරිසරයක් ලංකාව තුළ නිර්මාණය වෙලා නෑ. ලංකාවේ ජනගනයෙන් සියයට 52 ක් කාන්තාවන් ඒ සියයට 52 ක් වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඩ නගන ප්‍රමාණය ප්‍රමාණවත් නෑ.
අවුරුදු 14 කට අඩු දරුවෙකුට ලිංගිකව එක්වීමට දැනුමක් තිබෙනවාද? මානසිකත්වයක් තිබෙනවාද ? අවුරුදු 14 ක් වුණාම ලිංගිකව එක්වීම වරදක් නෙවෙයි කියලා පණිවිඩයක් රජය මේ හරහා ලබාදෙනවා. සෙක්ස් ටුවරිසම් වර්ධනය කරන්න ද මෙවැනි දේවල් කිරිමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ.
ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්ත වලින් 76,000 ක ඉන්නේ කාන්තා ව්‍යවසායකින්. එම කර්මාන්ත අදවනවිට කඩාගෙන වැටිලා. කාන්තාවන් සඳහා තිබෙන ගැටලු විසදන්න රජය මැදිහත්වීමක් සිදුකරන්නේ නෑ. කාන්තාවන් ගේ ගැටලු වෙනුවෙන් රජය කිසිදු උනන්දුවක් නෑ. කාන්තාවන් වෙනුවෙන් තිබෙන නිති යාවත්කාලීන කරන්න රජයට කිසිදු අවශ්‍යතායක් නෑ. එවැනි අවස්ථාවක දරුවන් ලිංගික වශයෙන් එක්වීමේ වයස 16 සිට 14 දක්වා අඩු කිරිම සඳහා පනත් ගේන්නේ කවුරුන්ද කියන දේ ප්‍රශ්නයක්.
මේ පනත හකුලාගන්නා ලෙස රජයෙන් සමගි වනිතා බලවේගය ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු කාන්තා සංසදයද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරලා තිබෙනවා. දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද කියලයි රජය බැලිය යුත්තේ. ලිංගික වශයෙන් අසහනාකාරී සමාජයක් ඇතිවෙලා තිබෙන රටේ ශිෂ්ඨ සම්පන්න රටක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා තමයි රජය සොයා බැලිය යුත්තේ. ශිෂ්ඨත්වයෙන් හෙබි කාන්තාවන් දරුවන් බිහිකරන්නයි රජය කටයුතු කළ යුත්තේ. රටක් ලෙස ඉදිරියට යන්න කාන්තාන සවිබල ගැන්විය යුතුයි. එ් සඳහා නීති යාවත්කාලින කිරිම සිදුකළ යුතුයි.
ඒ වගේම දරුන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී අවස්ථාවන් ගණනාවකදී හඩ නැගුවා. ආණ්ඩුව මෙම පනත හකුලා ගත්බව සඳහන් කරලා තිබෙනවා. ඒ පනත හකුළා ගත්තේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ සම්බන්ධයෙන් හඩ නගපු නිසයි. ආණ්ඩුව මෙම පනත හකුලා ගත්බව සඳහන් කළත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී සිදුකළ යුතුයි. රටේ නීති ගේනවා ඒ වගේම හකුළා ගන්නවා. නමුත් හොර රහසේ නැවත එම පනත් ගේන්න ආණ්ඩුව කටයුතු කරනවා.‘‘