බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම මහත්මියගේ අභාවය හේමාස් රෝහලේ වරදින් සිදු වූවක් නොවන බව එම රෝහල සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී ඇත.
බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම මහත්මිය අකල් මරණයකට ගොදුරු වීම සහ ඒ හේතුවෙන් ඇයගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ඇතුළු ආදරණීයයන්ට ඇති වූ සිත් වේදනාව සම්බන්ධයෙන් හේමාස් රෝහල් සමූහයේ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සිය බලවත් ශෝකය පළකර සිටී.
බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම මහත්මියට ප්‍රතිකාර කිරීමේදී සිදු වී ඇතැයි කියන අතපසු වීම් සහ වැරදි සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ වී ඇති පසුබිමක් තුළ, ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකිරීමට හේමාස් රෝහල් සමූහයේ සායනික පාලන මණ්ඩලය කටයුතු කළේ ය.
එහිදී අනාවරණය වූයේ, වෛද්‍යවරයාගේ ඉල්ලීම මත රෝගියා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් දින 22 කට පසුව සිදු වූ මෙම මරණයට හේතුව, වත්තල හේමාස් රෝහලේ සායනික වරදක් හෝ අතපසු වීමක් නොවන බවයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵල ලැබෙන තුරු, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට අනියුක්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වන අදාළ වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනීමට හේමාස් රෝහල් සමූහය තීරණය කර ඇත.
රෝගීන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීමට සෑම විටම කැප වී සිටින සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු වශයෙන්, සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන සියලුම විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට හේමාස් රෝහල් සමූහය සූදානමින් සිටී.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් හේමාස් රෝහලේ සායනික පාලන මණ්ඩලය සිදු කළ විමර්ශනයේ සවිස්තර වාර්තාව, මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දෙනු ඇත