සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් සිමෙන්ති සමාගමක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 100 කින් අඩු වේ.