අද දින කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කැදවා තිබුණත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් දිස්ත්‍රික් නායකයින් එම සාකච්ඡාවට සහභාගී වී නොමැත.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් අද දහවල් මුණ ගැසුණු අතර අද දින ජනාධිපතිවරයා සමග වූ රැස්වීම සදහා සහභාගී නොවීමට එහිදී ඔවුන් තීරණය කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටද දිස්ත්‍රික් නායකයින් පවසා ඇත්තේ පක්ෂය වෙනුවෙන් සාකච්ඡා හා රැස්වීම් වලට සහභාගීවීමට හැකි බවත් ජනාධිපතිවරයා, නිලධාරීන් හෝ අමාත්‍යවරුන් කැදවන සාකච්ඡා සදහා සහභාගී නොවන බවත්ය.
ජනාධිපතිවරයා නොව කවුරු කැදවීමක් කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැනුවත් කර කළ යුතු බව මෙහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
විශේෂයෙන්ම දේශපාලනික කරුණු පිළිබදව සාකච්ඡා කරන රැස්වීම් සදහා මෙසේ පක්ෂය හරහා මන්ත්‍රීවරු දැනුවත් කළ යුතු බව අවධාරණය කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේ තම පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨයන් ගෙන්වා ගැනීමට අවශ්‍යනම් පක්ෂය දැනුවත් කරන ලෙසයි.
Pohottuwa President










