රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වන චූටි කපුමහත්තයා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී රත්නායක සහ එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා සිය නිවෙස්වලින් පිටව ගොස් ඇති බවට පසුගිය දා තොරතුරු වාර්තා වුණි.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවෙස්වෙත ගොස් ඇති කොළඹ අපරාධ කොට්ඨාශයේ හිස් අතින් නැවත පැමිණීමට සිදුව තිබුණි.










