ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඕනෑම රටක පර්යේෂණ යාත්‍රා සඳහා මාස දොළහක තහනමක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ ඇමැති අලි සබ්රි ‘මහතා මාධ්‍ය වෙත පවසා ඇත. Sri Lanka Latest News
මීට අමතරව, ශ්‍රී ලංකාව මෙරටට පැමිණෙන විදේශීය හමුදා යාත්‍රා සහ ගුවන් යානා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක්ද (SOP) සකස් කර ඇති බව ඒ මහතා සදහන් කර තිබේ.
ලබන වසරේ ජනවාරි මාසයේදී තවත් චීන පර්යේෂණ යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලෑමට අවසර ඉල්ලා සිටීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇතැයි පැවැසේ.









