ලබන 22 වැනිදායින් පසු දැනට පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වයේ ප්‍රමාණවත් අඩුවීමක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
දැනට ඊසානදිග මෝසම් සහිත කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් තිබෙන නිසා දිවයින අවට පහළ වායුගෝලයේ තරංගමය ස්වභාවයක් ඉස්මතුවීම හේතුකොට ගෙන ඉදිරි දින කිහිපය තුළ වයඹ, උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත්වල උදේ කාලයේ කඩින් කඩ වැසි ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි ඔහු සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න