මහබැංකු අධිපතිවරයා විසින් මහබැංකුවේ සියලුම සේවකයන්ගේ වැටුප් වැඩි කරගෙන ඇත්තේ වෘත්තීය සමිති සමග එළඹී ඇති සාමූහික ගිවිසුමකින් බවත්, එය නීත්‍යානුකූල නොවන මෙන්ම සදාචාර සම්පන්නද නොවන බව ඩිලාන් පෙරේරා මහතා කීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම තත්ත්වය මහබැංකුව ස්වාධීන කිරීමේ අවස්ථාවේදී තමන් විසින් පෙන්වා දුන් නමුත් එය ආණ්ඩුව පමණක් නොව විපක්ෂයේ සිටින හර්ෂ ද සිල්වා වැනි මහත්වරු පවා පිළි නොගත් බවකි.
මහබැංකු අධිපතිවරයා සිතා සිටින්නේ තමන් විධායකයට සහ ව්‍යවස්ථාදායකයට ඉහළින් සිටින බව කී පෙරේරා මහතා ඉදිරියේදී මහබැංකු පනතට සංශෝධන ගෙනැවිත් මෙම තත්ත්වය නැති කළ යුතු බවද කියා සිටියේය.








