හමුදාව සහ පොලිසිය එක්ව රත්ගම සිදුකළ නිවාස පරික්ෂාවකදී සැක්කරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇත.
මෙම පිරිස අතර අඹන්පොළ ග්‍රාම නිලධාරියාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටි සැකකරුවකුද සිටින බව වාර්තා වේ.
සැකකරු අධිකරණය මගහරිමින් සිටි අයකු බවද පැවසේ.
මීට අමතරව ගංජා සහ මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇත.
මෙම මෙහෙයුමට පොලිසියේ 60ක් සහ හමුදාවේ 15ක් සම්බන්ධව සිටි බව පොලිස් ආරංචිමාර්ග කියයි.