• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝල්ඩ් මෙඩ්ල් එකක් දිනපු තරුෂි මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනපතිව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

November 5, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝල්ඩ් මෙඩ්ල් එකක් දිනපු තරුෂි මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනපතිව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් වෙත අක්තපත්‍ර ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව අවස්ථාවේදීම තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවද උත්සවාකාරයෙන් ජනාධිපති මන්දිරය වෙත පිළිගැනීම සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් සිසුවියව නව තානාපතිවරු වෙත හඳුන්වාදීම ද සිදු කරනු ලැබිණ.

තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ මලල ක්‍රීඩා කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 76 දෙනාට ද ඇය සමග මෙම අවස්ථාවට එක්වීමට ආරාධනා කර තිබිණි.

ඒ අනුව එම සිසු සිසුවියන් සියලුදෙනා ද, විදුහල්පතිවරයා සහ තරුෂිගේ ක්‍රීඩා පුහුණුකරු ඇතුළු ක්‍රීඩා පාසලේ ගුරුවරුන් 06 දෙනාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී තරුෂි කරුණාරත්න සිසුවියගේ දක්ෂතා අගයමින් සිය සුබ පැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතිය පිරිනැමීය.

අනතුරුව ජනාධිපතිවරයා තරුෂි ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමග සුහද කථාබහකට ද එක් විය.

ක්‍රීඩා පාසල් සංකල්පය අනුව 1995 වසරේදී මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ස්ථාපිත කෙරිණි. මෙම විදුහල ක්‍රීඩා අංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින අතර දකුණු ආසියානු කණිෂ්ඨ මට්ටමේ සිට ඔලිම්පික් ක්‍රීඩා දක්වා සියලුම ජාත්‍යන්තර තරග නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ එකම පාසල ද වෙයි.
මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා සිටියේය.
මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තුගත කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි.
අදියර දෙකක් යටතේ වසර දෙකක් තුළදී මෙහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දුන් අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජය මඟින් වෙන් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
එසේම ක්‍රීඩා පසලේ අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ සහ අවශ්‍යතා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබේ.

ක්‍රීඩාවෙන් පමණක් නොව අධ්‍යාපනයෙන්ද ඉදිරියට යාමට කටයුතු කරන ලෙස මෙහිදී සිසු සිසුවියන්ට ඔවදන් දුන් ජනාධිපතිවරයා ඔවුන් සියලුදෙනාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළේය.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය. ‍
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එතුමිය ද තරුෂි සමග සුහද කථා බහක නිරතවෙමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ආශිර්වාදය පළ කළාය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු ගමගේ, වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත් යන මහත්වරුන්ද තරුෂි කරුණාරත්න සිසුවියගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර සිසු සිසුවියන්ට මහනුවර ජනාධිපති මන්දිරය දැකබලා ගැනීමට ද අවස්ථාව උදා කර දී තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-05

SendShareShare
Previous Post

පහුගිය මාස 10ට ලක්ෂ 7කගේ ලයිට් කපලා! කොහොමද ස්මාර්ට් රට? Sri Lanka Latest News

Next Post

අපිට ආණ්ඩුවෙ සහනාධාර වැඩක් නෑ! අපි ඉල්ලන්නේ ගමේ පාර හදලා දෙන්න කියලා! ගොවිතැන් කරගන්න වැව හදලා දෙන්න කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.