විදෙස් සංචාරකයන් විශාල වශයෙන් ඇදී එන කලාපයක පිහිටි සුන්දර බෙන්තර ගඟ ආශ්‍රිතව මේ වන විට උත්දගතව ඇති තත්ත්වය පිළිබඳ ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා. (Sri Lanka Latest News)
ඔවුන් පෙන්වා දෙන්නේ හෝටල්, ගව ඝාතකාගාර වැනි විවිධ ව්‍යාපාරික ස්ථානවලින් ඉවත් කරන කුණු බෙන්තර ගඟට බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර යන බවයි.
එය සංචාර කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇති බැවින් මෙම අක්‍රමවත් කසළ බැහැර කිරීම අත්හිටුවීමට බලධාරීන් කඩිනමින් පියවර ගතයුතුව ඇති බවයි ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ.










