ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හීනටියන මහේෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් කටාන, දිවුලපිටිය මාර්ගයේ, දිසාගේවත්ත ප්‍රදේශයේදී පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත කටාන පොලිස් වසමේ කටාන, දිවුලපිටිය මාර්ගයේ, දිසාගේවත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 41ක මීගමුව පාර, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටාන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ් යන අය ඩුබායි හි රැඳී සිටිමින් මෙරට සිදු කරන වෙඩි තැබීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සහයෝගය දක්වන ප්‍රධානතම ගෝලයකු බවට අනාවරණයවී ඇත.
මොහු 2019දී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය, බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිතය සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය, 2015දී නිධානයක් ගොඩගැනීම සම්බන්ධව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය, සංවිධානාත්මක අපරාධකරුවකු හා වෙඩික්කරුවකු වන බූරුමුනා නමැත්තාට මෙරටින් පලා යෑමට උදවු කිරීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණවල නඩු පවතී.
dinamina










