ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් ලබාදුන් අදහස් සහ යෝජනා සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවති බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේය.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරණතුංග, දයාසිරි ජයසේකර, නවීන් දිසානායක, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගී වී ඇත.
මෙම රැස්වීමට නොපැමිණි කැපී පෙනෙන අය වූයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂය.









